ලලිත් චාමින්ද –
-
වසර 29ක් තිස්සේ කසිම සවි බල ගැන්වීමක් නැතිව එක දිගට සමෘද්ධි ආධර ගන්න පවුල් තුන් ලක්ෂ දොළොස් දාහක් ගැන විගණනය කියයි….
රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධි ලාභින් සවිබල ගැන්විම සදහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් කෝටි 126ක් වැයකර ඇතත් 95 වර්ෂයේ දි හදුනාගත් සමෘද්ධිලාභින් 312,307 දෙනෙකු 2023 වර්ෂය වනවිටද සවිබල ගැන්විමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් ජීවත්වන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම සමෘද්ධිලාභින් හඳුනාගෙන වසර 29ක් ගතවි ඇතත් සවිබලගැන්විමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව විසින් 2020, 2021, 2022 යන වර්ෂවල පිළිවෙළින් 1958ක්, 18629ක්, හා 21,189 දෙනෙකු වාර්ෂිකව සවිබල ගැන්වු සමෘද්ධි සහනාධාර ලාභින් ලෙස හඳුනාගෙන තිබුණි.
කෙසේවුවද සමෘද්ධි ලාභින් සවිබලගැන්විම සදහා රජය විසින් සිදුකරණු ලබන ව්‍යාපෘතිවලට සාපේක්ෂව ඉකුත් වර්ෂ තුන සවිබලගැන්වීම අවම මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
නිශ්චිත ඉලක්කයකට අනුව සවිබලගැන්විම සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත
සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තු මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමෘද්ධි සහනාධාර ලබන පිරිස අතර වැඩිහිටි, ආබාධිත, නිදන්ගත රෝග, ආදියෙන් පෙලෙන සවිබල ගැන්විය නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක් සිටින බවය.
රටේ පැවති කොවිඩ් වසංගතය ආර්ථක අර්බුදය හමුවේ සවිබලගැන්විමේ කටයුතු මන්දාගාමිව සිදුවුවද 2022 වර්ෂයේ සිට සවිබලගැන්විමේ කටයුතු වැඩිවි ඇති බවය.
2023 වර්ෂයේ සිට එක් වසරකට එක් ග්‍රාම නිලධාරින් වසමකින් අඩු ආදායම්ලාභින් එක් අයෙකු බැගින් සවිබලගැන්විමට කටයුතුකර ඇති බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.