දිනසේන රතුගමගේ –
කොටි සාමාජිකයින් විසින් වළලන ලද අවි ආයුධ තොගයක් හා රත්තරන් තොගයක් සෙවීමේ අරමුණින් මුලතිව් මුල්ලි වයික්කාල් ප්රදේශයේ සිදු කළ කැණීම් මුලතිව් මහෙස්ත්රාත්වරයාගේ නියෝගයක් මත ඊයේ ( 27 ) නවතා දමා තිබේ.
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව මුලතිව් පොලීසිය හා ආරක්ෂක අංශ එක්ව එම ස්ථානයේ මිටර් 4 යි දශම 7 ක් ගැඹුරට හා මීටර් 17 ක් පළලට වළක් හාරණ ලද නමුත් ඒ ස්ථානයෙන් කිසිවක් හමු නොවීය.
මේ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්රාත් ටී. ප්රදීපන් කැණීම් නවතන ලෙස නියෝග කළත් කොටි සාමාජිකයා පොලීසිය හරහා එම ස්ථානයේ තවත් පැයක කාලයක් කැණීම් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ එම ස්ථානයේ අවි ආයුධ හා රත්තරන් ඇති බව තරයේ ප්රකාශ කරමිනි.
අමතර පැයක කාලයක් කැණීම් සඳ හා මහෙස්ත්රාත්වරයාගෙන් අවසර ලැබුණු අතර එම පැය අවසානයේද කීස්වක් හමු නොවීම නිසා එම වළ වසා දමා කැණීම් කටයුතු නවතා දමන ලෙසට දෙවන වරටද මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අවසන් කොට තිබේ.
මුලතිව් පොලීසිය ප්රකාශ කළේ මීට පෙර දකුණේ සිට පැමිණි හා මෙම ප්රදේශවල පිරිස් අවස්ථා හයක්ම මේ ස්ථනයේ වළවල් හාරා කොටි සාමාජිකයින් විසින් වළ දැමුවේ යැයි කියන රත්තරන් ගොඩ ගැනීමට ගොස් එම කණ්ඩායම් හයම පොලිස් අත් අඩංගුවට පත් වූ බවය.
