දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනි වලේ කැණීම් කටයුතු අධිකරණ නියෝග මත 5 දා ආරම්භ වූවත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවන බාධාව වළක්වා ගැනිමට ආරක්ෂිත ආවරණ ඉදිකිරීමට තීරණය කොට තිබේ.
ආවරණ ඉදිකිරීමේ කටයුතු අවසන් වූ වහාම කැණීම් අඛණ්ඩව සිදු කරගෙන යාමට තීරණය කොට ඇත.
මුලතිව් ප්‍රදේශයට ගත වූ දින කීපය තුළ ඇද හැළුණු වර්ෂාව නිසා සමූහ මිනී වලට ජලය කාන්දු වන්නට පටන් ගෙන ඇති අතර තව දුරටත් වැසි සහිත තත්ත්වයක් පැවතියහොත් කැණීම් අසාර්ථකවන බවට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම ආරක්ෂිත ආවරණ ඉදිකරණ ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ටී.ප්‍රදීපන් නියෝග කොට තිබේ.
මුලතිව් අධිකරණයේ නියෝග මත කැණීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව ද මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනවන්, නීතිඥ රනිතා ඥානරාසා, වී.කේ. නිරංජන්, කෝකිලායී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.