මෙරට දෙදින නිල සංචාරය අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් එම දූත මණ්ඩලය පිළිගනු ලැබීය.
ආසියානු රටවල් හතරක සංචාරය ඇරඹූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා ඊයේ (26) ඉන්දියාවට ගොස් තිබුණි.