බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමුවෙන්නම් බලන්න අමාරුයි වගේ… දෙක්ක දාගෙනම මැච් එකට සෙට් වෙන්න…

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු ගණන ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරයි… අපට ලකුණු 203ක ඉලක්කයක්!

ආසියානු කුසලාන තරගාවලියේ 18 වැනි තරගය පැවැත්වෙමින් ඇත්තේය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ පන්දු රැකීම තේරුවේය.  ඉතින් මරුය.  පිතිකරණයේ යෙදුන ඉන්දියානු කණ්ඩායම  ලකුණු 202ක් ලබාගෙනය.

මේ තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ගණන 188කි. ඉන්දියාව ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 188ක් ලැබුවේය. ඇෆ්ගනිස්ථානය හොංකොං කණ්ඩායමට එරෙහිව ලකණු 188ක් ගැහුවේය. මේ තරාගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ අදය. ඇත්ත වශයෙන්ම හොං කොං කණ්ඩායම ඉන්දියාවට දුන්න ගේමවත් අපට දෙන්නට පුලුවන්කමක් තිබුණේ නැත. අපේ පන්දු යවන්නන් පන්දු ඕවරයක දී ලකුණු 10ක් ලබා නොදී ඉන්නට දැරූ දුක හිතෙන උත්සාහය හැර වෙන කිසිම දෙයක් මේ පන්දු යැවීමේ දී අප දුටුවේ  නැත.

. 

සලකුණු කළ යුතු පන්දු රැකීමක් නම් දුටුවේය. 17 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී  ඒ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන් අනතුරුව පසුපසට දිවගොස් හර්දික් පාණ්ඩ්‍යා දවා ගැනීමට  ලබා ගත් විශිෂ්ට උඩ පන්දුවය.

ඒ හැරුණ විට ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී අප දුටුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මළ ගෙදරකි.  අභිෂේක් ෂර්මා පන්දු 31ක දී ලකුණු 61කි. හතරේ පහර 8කි. හයේ පහර 02කි.  මේ පොඩි එකා අවසන් මහා තරගය සඳහා  අද පිතිකරණ පුහුණුවක යෙදුනේය. සංජු සැම්සන් ලකුණු 39කි. පන්දු 23කි. හයේ පහර 3කි. එක් හතරේ පහරකි.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

තිලක් වර්මා නොදැවී ලකුණු 49කි. පන්දු 34ක් තුළ හයේ පහර එකකි. හතරේ පහර 4කි. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 21කි. ඒ පන්දු 15ක් තුළය. හයේ පහරක් සහ 4 පහරක් ඊට ඇතුළත්ය.

එක පන්දු යවන්නෙක් බේරුණේ නැත. හසරංග ඕවර 4ට ලකුණු 37කි. නුවන් තුෂාර නෝ බෝල් එක්ක සහ වයඩ් 02ක් සමග ලකුණු 43කි. කඩුළු නැත.   පන්දු යවන්නෝ  06 දෙනෙක් පන්දු යැවූහ. හැම එකාටම ඕවරයට ලබා දුන්  ලකුණුවල සාමාන්‍යය ලකුණු 09ට වැඩිය.

අතිරේක ලකුණු 14කි. වයඩ් පන්දු 7කි. නෝ බෝල් පන්දු 2කි ලෙග් බයිස් 5කි. ඒකත් මරුය.

දැන් අපට අභියෝගයක් තිබේ. ඒ මේ තරගාවලියේ වැඩිම ලකුණු ගණනකින් පරාද නොවී බේරීමය. ඇෆ්ගනිස්ථානය හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 94ක් ජයග්‍රහණයක් ලැබුවේය.  අප ඉන්නේ ඒ බරපතල අභියෝගය ඉදිරියේය. මක් නිසාද යත් .ජාත්‍යාන්තර විස්සයි 20 ක්‍රිකට් තරගයක දී ලකුණු 200ක් හඹා ගොස් ජයග්‍රහණය කළ අවස්ථාවක් වාර්තා නොවන බැවින්ය. හඹා ගිය වැඩිම ලකුණු ගණන ලකුණු 194කි.

මේ අස්සේ ලියා තැබිය යුතු තවත් කතාවක් තිබේ.

මෙන්දකයා ( අබේසේකර) තරගය පටන් අරන් පවර් ප්ලේ එකේ දි කතා කළේය. ලෝකයේ එහා කෙළවරේ ඉඳන් ඌත් මැච් බලන්නේය. මම  ඌට මේ මැච් එක බලන්නට ඕනෑ විදිහ කිව්වෙමි.

“මම නම් ඉඳගත්තේ දෙක්ක දාගෙන. මොකද අමුවෙන් බලන්න බෑ… මිනියක් එම්බාම් කරනවා වගේ වැඩක් නේ මචං.”

මෙන්දකයාත් දෙකත් දාගන්නට ඇතියි විශ්වාස කරමි. ඔයාලත් එහෙම කරන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු පුරප්පාඩු පුරවලා තියෙන්නේ අන්ත දූෂිතයින්ගෙන්… ඇමතිගේ පත්කිරීම්වලට GMOA  එරෙහි වෙයි!

Next Post

වෙරි හිඳෙන ගැහිල්ල…

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.