ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙරි හිඳෙන ගැහිල්ල…

by editor
සැප්තැම්බර් 27, 2025
in පුවත්
පැතුම් නිශ්ශංක... ලකුණු 107යි

පැතුම් නිශ්ශංක... ලකුණු 107යි

Share on FacebookShare on Twitter

අප යෝජනා කළේ දෙක්ක දාගෙන මැච් එක බලන ලෙසය. අමුවෙන් බලා ඉන්නට බැරි තරමට ඉන්දීය පිතිකරුවෝ  මුලින්ම පන්දුවට පහර දෙමින් අපට නෙලූහ. අපට ජයග්‍රහණයට ලබා දුන් ඉලක්කය ලකුණු 203කි.

ඉතිහාසයේ කිසිම අවස්ථාවක අන්තර්ජාතික විස්සයි 20 තරගයක දී  ලකුණු 202ක් වැනි ඉලක්කයක් හඹා ගොස් කිසිම කණ්ඩායමක් ජයග්‍රහණය කර නැත. හඹා ගොස් දිනා ගත් ඉහළම ඉලක්කය ලකුණු 194කි.  ලකුණු 202ක ඉලක්කයක් ලබා දෙන විට, ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් තරගයේ පළමු ඕවරයේ තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී  ගියේය.

දෙකක් දාගෙන මැච් එක බලන්නට යෝජනා කරනු හැරෙන්නට අපට වෙන කිසිම දෙයක් තිබුණේ නැත. ඒත් අන්තිමේ දී අපේ උන් වෙරි හිඳෙන ගැහිල්ලක් ගැවුවේය.  ලකුණු 202 හඹා ගියේය. තරගයේ අවසන් පන්දුවේ දී ලකුණු 202 සම කළේය.

සුපිරි ඕවරයේ දී ඉන්දියාව දිනුම් බව සැබෑය. එහෙත්  දැන්නම් ආසියානු කුසලානය නැතත් කමක් නෑ වගේ හිතෙන තැනකට  මැච් එක අරගෙන එන්නට පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් සමත් වුනේය.

ඉන්දියානු ඉනිම

RelatedPosts

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් වූ තරගය  ආසියානු කුසලාන තරගාවලියේ 18 වැනි තරගය ය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ පන්දු රැකීම තේරුවේය.      පිතිකරණයේ යෙදුන ඉන්දියානු කණ්ඩායම  ලකුණු 202ක් ලබා ගත්තේය.

මේ තරගාවලියේ එතෙක්  කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ගණන 188කි. ඉන්දියාව ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 188ක් ලැබුවේය. ඇෆ්ගනිස්ථානය හොංකොං කණ්ඩායමට එරෙහිව ලකණු 188ක් ගැහුවේය. මේ තරාගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ අදය. ඒ ඉන්දියාව ලබා ගත් ලකුණු 202 ය.

අපේ පන්දු යවන්නන් පන්දු ඕවරයක දී ලකුණු 10ක් ලබා නොදී ඉන්නට දැරූ දුක හිතෙන උත්සාහය හැර වෙන කිසිම දෙයක් මේ පන්දු යැවීමේ දී අප දුටුවේ  නැත.

සලකුණු කළ යුතු පන්දු රැකීමක් නම් දුටුවේය. 17 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී  ඒ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන් අනතුරුව පසුපසට දිවගොස් හර්දික් පාණ්ඩ්‍යා දවා ගැනීමට  ලබා ගත් විශිෂ්ට උඩ පන්දුවය.

ඒ හැරුණ විට ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී අප දුටුවේ එකම ගිනි කෙළියකි.   අභිෂේක් ෂර්මා පන්දු 31ක දී ලකුණු 61ක් ලැබුවේය. හතරේ පහර 8කි. හයේ පහර 02ක් එල්ල විනි.  මේ පොඩි එකා අවසන් මහා තරගය සඳහා  අද පිතිකරණ පුහුණුවක යෙදුනාදැයි සිතුනි. සංජු සැම්සන් ලකුණු 39කි. පන්දු 23කි. හයේ පහර 3කි. එක් හතරේ පහරකි.

තිලක් වර්මා නොදැවී ලකුණු 49කි. පන්දු 34ක් තුළ හයේ පහර එකකි. හතරේ පහර 4කි. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 21කි. ඒ පන්දු 15ක් තුළය. හයේ පහරක් සහ 4 පහරක් ඊට ඇතුළත්ය.

එක පන්දු යවන්නෙක් බේරුණේ නැත. හසරංග ඕවර 4ට ලකුණු 37කි. නුවන් තුෂාර නෝ බෝල් එක්ක සහ වයඩ් 02ක් සමග ලකුණු 43කි. කඩුළු නැත.   පන්දු යවන්නෝ  06 දෙනෙක් පන්දු යැවූහ. හැම එකාටම ඕවරයට ලබා දුන්  ලකුණුවල සාමාන්‍යය ලකුණු 09ට වැඩිය. මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක සහ චරිත් අසලංක කඩුල්ල බැගින් ලදහ.

සලකුණු කළ යුතු අනෙක් කාරණාව අතිරේක ලකුණු 14කි. වයඩ් පන්දු 7කි. නෝ බෝල් පන්දු 2කි ලෙග් බයිස් 5කි.

හඹා යෑම.

ලකුණු 202ක් හඹා යෑම විහිළුවක් වගේ පෙනුණි. ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. අපේක්ෂා සුන් වී තිබිණි. ඒත් පැතුම් තරගය අත් හැරියේ නැත.  පළමු කඩුල්ල දැවී ගිය පසු කුසල් ජනිත් පැතුම්ට එකතු වුනේය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙන්නේ ආසියානු කුසලාන විස්සයි 20 තරග ඉතිහාසය වෙනස් කළ ඉනිමකි.

කුසල් ජනිත්….

අසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ වාර්තාවකි.  කුසල් සහ පැතුම්  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුන ඉහළම සම්බන්ධතාවය ගොඩ නැගූහ. කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන ඒ සම්බන්ධතාවය ලකුණු  127කි. කුසල් ජනිත් පන්දු 32ක දි ලකුණු 58ක් ලැබුවේය. හතරේ පහර 08කි. එක් හයේ පහරකි.

පැතුමා සිය විස්සයි 20 ගමනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අර්ධ ශතක රැස් කළ ක්‍රීඩකයා වූයේය. ඔහු බිඳ දැම්මේ කුසල් මෙන්ඩිස් තැබූ වාර්තාවය. එමෙන්ම විස්සයි 20 තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම ලකුණු ගණන රැස් කරමින් ලකුණු 107ක් ලැබුවේය.  ඔහු බිඳ දැමුවේ ටී.එම්. ඩිල්ෂාන් තබා තිබූ වාර්තාවය. පැතුම් ලකුණු 107  ලබා ගත්තේ පන්දු 58ක දී ය. ඊට හතරේ පහර 07කි. හයේ පහර 06කි. දසුන් ශානක පන්දු 11 දී ලකුණු 22ක් ලබා තරගය ලකුණු සම කරමින් අවසන් කළේය. හර්දික් පාණ්ඩ්‍යා, අර්ෂදීප් සිං, හර්ෂිට් රානා, කුල්දීප් යාදේව්, වරුන් චක්‍රවර්තී කඩුල්ල බැගින් ලැබූහ.

අවසානයේ දි තරගයේ විසඳුම ලබා දුන් සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වූයේ ලකුණු 02ක් පමණි. හර්ෂදීප් සිං වාර්තාගත පන්දු යැවීමක් කළේය.  සුපිරි ඕවරයේ මුල්ම පන්දුවෙන්ම ඉන්දියාව ලකුණු 03ක් ලබා ගත් ඉන්දියාව ජයග්‍රහණය කළේය.

ඒත් තරගයේ වීරයා පැතුම් නිශ්ශංකය.  මැච් එකක් පරදිනවා නම් පරදින්න ඕන මේ ආකාරයටය. මේ තරගය පට්ටය. කාලයකට අමතක වෙන්නේ නැත. අපට හිතෙන්නේ තරගය ඉන්දියාව දිනුවේ අප යැවූ වයිඩ් පන්දු 07න් සහ නිපන්දු 02න් බවය.  කණ්ඩායමක් ලෙස අප ඉන්දියාවට ලබා දුන් සමස්ථ අතිරේක ලකුණු ගණන 14කි.

ඉන්දියාව අපට ලබා දී ඇත්තේ අතිරේක ලකුණු 05ක් පමණි. අප නොහිතනවාට තරග දිනන්නේ එහෙමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අමුවෙන්නම් බලන්න අමාරුයි වගේ… දෙක්ක දාගෙනම මැච් එකට සෙට් වෙන්න…

Next Post

නාමල් ගේ පැමිණිල්ලකින් අජිත් ධර්මපාලගේ IODPP Police යූ ටියුබ් චැනලය අත්හිටුවයි….

Related Posts

ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.