බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්මලා පුත්තු එකට කසිප්පු බී නිදි වදින ආදිවාසී ගමේ කසිප්පු කාරයන්ට එරෙහිව තනිව සටන් කරන ආදිවාසී නායිකාව

මත්ද්‍රව්‍ය නිවාරණයට FB එකේ  නිදි මරාගෙන “ටෝක් දෙන“ වීරයන්ට... දළුකානෙන් පටන් ගන්න...

by editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • කියන්න බෑ තිරිසන් කම… ගමේ ගෑනු බාගයක් කසිප්පුවලට ඇබ්බැහි වෙලා… උන් කරන්නෙ නොකරන්නෙ මොනවද කියලා උන්ම දන්නෙ නෑ…  

  • අවුදුරු 10 -12 පොඩි උන් හවසට එනනේ ගංජා සුරුට්ටුව ගහගෙන… උන් ඉස්කෝලෙ යන්නෙ නෑ…

  • හැම ගෙදරකම වගේ පිරිමි බේබද්දො… ළමයින්ගෙ පොත් පත් ටිකත් විකුණගෙන මුං බොනවා…

  • අකාලෙ බීලා මැරෙන උන් ඇස් පනා පිට පේනවා… මේ උවදුර වළක්වලා දෙන්න ජනාධිපති තුමාට කියනවා…

අරලගංවිල ආදිවාසී ගම දළුකානය. ග්‍රමසේවා වසම 210ය ය. දළුකානේ  ආදිවාසී නායිකාව   ලිසි නෝනාය.

උන්දෑ පසුගිය දා මාරාන්තික උපවාසයක් කළාය.  මට මතක විදිහට මේ උන්දෑ කළ තුන්වන විරෝධතාවය ය.  වර්ෂ 2017 සිට වරින් වර කළ මෙම උද්ඝෝෂණවල නිමිත්ත එකය.

ඒ තමන්ගේ ගම්මානය කුඩු ගංජා සහ කසිප්පුවලින් බේරා දෙන්න කියන ඉල්ලීමය. පසුගිය අඟහරුවාදාත් උන්දෑ උපවාසයක් ආරම්භ කර රටේ මහ ඇත්තන්ට වැඳ වැඳ කිව්වේ ගමේ දරු පැටවුනුත් විනාස කරන දමන මේ පදුරු ජාවාරම නවත්වා දෙන්න කියාය.

ගමක බේබදදන් හා කසිප්පු ජාවාරම් කාරයන්, කුඩු කාරයන් සහ ගංජා කාරයන් අතර සිටිමින් හුදකලාව දැවැන්ත මාෆියාවකට එරෙහිව සටන් කරන මේ පෞරුෂවත් ගැහැණිය සොයාගෙන කතා කරන්නට රිසි වූයෙමි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මා කතා කරනවිට ඇය උපවාසය අත්හැර සිටියාය.

“ ඔබතුමිය  උපවාසය අත්හැරිය ද?.“  මම ඇසුවෙමි.

“ ඔව් අපේ මහත්තයො… අත්හැරියා. අද දවල් 12.50ට අත්හැරියා.  මොනවත් හින්ද නෙමෙයි. දිඹුලාගල අපේ පන්සලෙ හාමුදුරුවො මෙතනින් වඩින ගමන් කැබ් එක නවත්තලා මාව බලන්න ආවා. ඇවිත් කිව්වා අපේ උපාසක අම්මෙ. දැන් මේ වැඩේ අපි නවත්තමු. උපාසක අම්මා කියන කතාව අපිට තේරෙනවා. මේ අපරාදෙ නවත්වන්න අපි මැදිහත් වෙනවා. දැන් අම්මා ගෙදර යන්න කියලා.  මම දිඹුලාගල පන්සල නිසා ජීවත්වෙන ගෑණියෙක්. අපේ තාත්තලා ජීවත් වුනේ දිඹුලාගල ගල් ගුහාවල. අපිව ගල්ගුහාවෙන් එළියට ඇන්න  මහවැලි ඉඩම් දීලා රෙදි අඳින්න පුරුදු කළේ  කොටි මරපු දිඹුලාගල නායක හාමුදුරුවො. ඒ ගෞරවය අපිට  තියනවා. ඒ නිසා මං උපවාසය නැවැත්තුවා.“

ලිසීනෝනා කීවාය.

ලිසී නෝනා

“ ඉතින් ඇයි මේ උපවාසෙ පටන් ගත්තේ.“ මම ඇසුවෙමි.

“ රත්තරන් මහත්තයො. ඇයි අහන්න එපා. මේක පටන් ගත්තේ මහා විනාසයක් රටට කියන්න. මම මේ තනියම උද්ඝෝෂණය කළ තුන්වෙනි වතාව. මේ ගම කුඩු ගංජා කසිප්පුවලට යටවෙලා ඉවරයි. මගෙ මිනිහ මලෙත් කසිප්පුවලට ඇබ්බැහි වෙලා බීලා. මගෙ දරුවො දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නත් දැන් කසිප්පු බොනවා. උන්ගෙ ගෑනුන්ගෙ මූනෙ ලේ කඳුලක් නෑ. උන්ගෙ දරුවන්ට කන්න බත් මිටක් නෑ. මුං කසිප්පු බිබී ඉන්නවා. මම මේ දුකෙන් විඳවන ගෑණියෙක්“

මේ විනාසෙ මුලු ආදිවාසී ගමම ගිලගෙන ඉවරයි. මේ ගමේ පවුල් 150ක් ඉන්නවා ආදි වාසී අය. ඉතිරි අය සිංහල දෙමළ කට්ටිය පිටින් පදිංචියට ආපු. ඒ අයත් එක්ක දළුකාන ගමේ පවුල් 250ක් ඉන්නවා. මේ මිනිස්සුන්ගෙන් ආදිවාසී පවුල්වල හැම ගෙදරකම වගේ මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්චි උන් ඉන්නවා.“

ඇය කතාව මදකට නතර කලාය.

“මේක අපායක් රත්තරන් මහත්තයො. සමහර ගෙවල්වල ගෑණුත් කසිප්පු ගහනවා. අම්මයි පුතයි එකට කසිප්පු ගහලා උන් දෙන්න එකට නිදාගන්නවා. කියන්න ලජ්ජයි. ඒ තරම් තුච්චයි.“

මම උගුර කට වේලී අසාගෙන සිටියෙමි.

“ ළමයි ඉස්කෝලෙ යන්නෙ නෑ. අප්පලා දරුවන්ගෙ පොත් පත් සපත්තු බෑග් ඇඳුම් විකුණලා කසිප්පු බොන සිද්දි ගැන මම ඕන තරම් කියන්නම්. අවුරුදු 10 පොඩි උන් ගෙදර එන්නෙ හවසට ගංජා සුරුට්ටුව ගහලා. ගමේ ළමයි 250ක් 300ක් ඉන්නවා. උන්ගෙන් බාගයක් ගංජා කුඩු කසිප්පුවලට ඇබ්බැහි වෙලා. මුංව ඉස්කෝලෙ යවන්න සිහියක් පතක් තියන මහ එකෙක් ඉන්න එපැයි.  නෑ… එහෙම උන් දළුකානෙ නෑ. අපේ අප්පා අපි නව දෙනෙක් හැදුවෙ මී කඩලා. මට දැන් අවුරුදු 58ක්. උන්දැ කොහොමහරි ඒ දවස්වල මට 8 පන්තියට යනකම් දළුකානෙ ඉස්කෝලෙට යවලා ඉගැන්නුවා. මේ ඉන්නෙ උන්දැලගෙ පරම්පරාවලින් එන උන්ද කියලා හිතෙනවා.“

ලිසී නෝනා උන්දෑ කීවාය.

“මේ ගමේ ආදි වාසී නායකයෙක් නැද්ද“. මම ඇසුවෙමි.

“ හිටියා. ඌ බීලා මලා. දැන් උගේ පුතා ඉන්නවා. ඌ තාත්තට වැඩිය හපන්.  දඹනෙන් මට කිව්වෙ උඹ තමයි  හිත හයිය ගෑනි. ගමේ පිරිමි උන් ඔක්කොම වගේ බේබද්දො වෙච්චි. උඹ නායිකාව වෙයන් කියලා. ඉතින් මම හා කියලා බාරගත්තා. බාර අරන් මුන්ව හරි මගට ගන්න හදනවා. මොනව  කරන්න  ද මහත්තයො. උපවාසෙ පටන් ගත්ත දවසෙ ඉඳන් කසිප්පු පෙරන උන් උදේම බේබද්දන්ට බොන්න දීලා මට ගහන්න එවනවා. උන් තිත්ත කතා කියලා බැනලා යනවා. මම ගහන්න එනකොට එළියට පැනලා කෑ ගහනවා. එහෙමයි මේ වැඩේ කරගෙන ආවෙ.“

“මහත්තයා කියන්නෙ මේ ටික දොහට  බීලා කොල්ලො 15ක් විතර මලා. උන් බේබද්දො වගේ වැනි වනි එනකොට අලි ඉස්සරහට හම්බවෙනවා. මුං අලින්ට කුණු කතා කියලා බැනලා උන් ඉස්සරහට යනවා. අලි ගහනවා.  තව මගෙ අක්කගෙ කොල්ලො දෙන්නෙක් මළා බීලා මාළු අල්ලන්න ගිහින් දියේ ගිලිලා.“

“මේ විනාස බලන් ඉන්න බෑ මහත්තයා. ඒකයි මම තුන්වෙනි පාර මේ එළියට බැස්සෙ. රටේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න. පොලිසියෙ මහත්තුරුන්ට බැනලා වැඩක් නෑ. මේ බේබදු ගෑනු ඒ මහත්තුරුන්ට එන්න දෙන්නෙ නෑ ගමට. එක සැරයක් උන් ඇවිත් විජ්ජුම්බරයක් කරලා උන්ට අතවර කරන්න ආවා කියලා පොලිසියෙ ලොකු මහත්තුරුන්ට පැමිණිලිත් කළා.“

ගමේ පවුල් දෙසීය පනහයි. එකසිය පනහකට වඩා මේ ජරා ජාවාරමට හවුල්. පොලිසිය එනකොටම ගමම එක පැත්තක. ඉතින් බඩු අහුවෙන්නෙ නෑ, එකෙක් ඉන්නවා ගමේ. ඌ තමයි මන්ත්‍රීලා පස්සෙ ගිහින් කසිප්පු කාරයො අහුවුනාම බේරගන්නෙ. උන් ආයෙත් ඇවිත් කරන්නෙ මේ ජරා ජාවාරම.  මේක නැවත්තගන්න බැරි උනොත්  මේ පේන තිරිසන් හැසිරීම් තවත් වැඩි වෙලා දළුකාන අමනුස්ස තිරිසන් ලෝකයක් වෙයි.“

ඇය කියන ආකාරයට මේ කොවිඩ් වසංගත දළුකානේ ඉතිරි ටිකත් විනාශ කර ඇත්තේය. කොවිඩ් නිසා පොලිස් නිලධාරින් වැටලීම්වලට එන්නේ නැත. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම පාහේ මේ ශාපලත් අර්ධ මනුෂ්‍යයන්  අත්හැර දමා තිබේ.

අවුරුදු 10 සිට ගංජා සුරුට්ටු බී මත් වෙන පොඩි උන් ගැන අසේ. තුන්සිය හැටපස් දවසේම කසිප්පු බී සූර් වී සිටින ගැහැණු ගැන ඇසේ.  බීමතින් මව්වරු සමග යහන් ගතවන පුත්තු ගැන තුච්ච කතා ඇසේ.  සියලු ප්‍රතිමාන බිඳගත් මිනිස්සුන්ගේ තිරිසන් සමාජයක ඇඟ කිළිපොලා යන කතාව දිගහැරෙමින් ඇත.

“ ඒ මහත්තුරුන්ට නෝනලට බැනලා වැඩක් නෑ මහත්තයො.  බීලා ඇවිත් ග්‍රාමසේවක නෝනට තිත්ත කතා කියලා බැණලා යනවා. ඒ නෝන අහගෙන ඉන්නවා. වෙන මොනව කරන්න ද?. සිහියක් පතක් නැති තිරිසන්නු එක්ක බැණගන්න ද?.“  ලිසී නෝනා කියන්නීය.

මං මේ ඔක්කොම අපරාධ දඹනේ අපේ නායකතුමාට ලියලා යැවුවා. වන්නිලා ඇත්තන්ට කිව්වා මේක ජනාධිපතිතුමාට කියන්න කියලා. ලෝකෙට කියන්න කියලා. එහෙම කියලා මේ ගම බේරා දෙන්න කියලා. “

කසිප්පු මත්කුඩු මත්ද්‍රව්‍ය නූගත් සමාජයක් විනාශකර දමන ආකාරය ගැන මේ රටේ මීට වඩා ආදර්ශයක් නැත. මත්ද්‍රව්‍ය විරෝධය ළාමක විහිලුවක් කර ෆේස් බුක් එකේ රස්සාවට  කැම්පෙන් කරන සිඟිති වීරයින් පටන්ගත යුත්තේ දළුකානෙන් බව විශ්වාස කරමි. ඇත්ත ප්‍රශ්නය එකෙක්වත් ස්ඵර්ශ කරන්නේ නැත. ඒ මේ රටේ හැටිය.

සියලුම ව්‍යභිචාර එළිපිට වන සමාජ විකෘතියක් දෙස බලාගෙන අරලගංවිල පොලිසිය සිටී. ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රධාන නිලධාරීහු සිටිති.  පාසල් නොගොස් කුඩු ගංජා උරමින් සිට අවුරුදු පහළොවක් වනවිට ගෑණියක් සමග පට්ටල්වන පොඩි උන් ගැන මුන්ට වගේ වගක් නැත.  එහෙත් මේ කිසිම කෙනෙකුට ලිසී නෝනා දොස් කියන්නේ නැත. උන් සියලු දෙනාගේම වගකීම තමන්ගේ උරමතට ගෙන උන්දෑ මේ අපරාධය ලෝකයට කියන්නීය.

“ මතු බුදුවෙයි… මේ අපරාධකාරයන්ගෙන් ගම බේරලා දෙන්ඩ. එතකොට ඉතිරි ටික ඉබේටම හැදෙයි.“ ඇය කියන්නීය.

ඇය පුදුමාකාර ගැහැනියක් බව ගමේ ග්‍රාමසේවක නෝනා කියන්නීය. දිඹුලාගල පන්සලේ සූරියපතනේ හාමුදුරුවො කියන්නේය.  දඹානේ වන්නිලා ඇත්තනගේ සිවුවන පුතා වන ඌරුවරිගේ මුතුබණ්ඩා කියන්නේය.

“ උන්දැ කරන වැඩේ කාටවත් කරන්න බෑ. තනියම ඒ ගම බේරගන්න සටන් කරනවා.  ඒ කියන හැම කතාවක්ම ඇත්ත. අපි මේ තත්වය පොලිසියෙ ලොකු මහත්තුරුන්ට දන්වලා වැඩ පිළිවෙළක් හදලා තියෙන්නෙ.  තව දවස් කීපයකින්ම  හොඳ ප්‍රතිපල ලැබෙයි. “

උරුවරිගේ මුතුබණ්ඩා අපට කීවේය.

ඒ බව ලිසී නෝනා උන්දෑට කියන්නට උත්සාහ කළෙමි.  අවස්ථා කීපයක්ම උත්සාහ කළෙමි.  පණිවිඩය දීගන්නට උන්දෑගේ දුරකථනය වැඩ කළේ නැත.

අවසානයේ දි මට ලිසී නෝනා මෙසේ කීවා මතකය.

“ මහත්තයො… මේ විනාසෙ මගෙ ඔලුවට මහා බරක්. ලොකු කළුගලක් ඔළුව උඩින් තියලා වගේ.  මට මගෙ මුනුපුරාල හතර දෙනා මතක් වෙනවා. ගමෙ තව පුංචි උන් මතක් වෙනවා. අප්පලගෙ බේබදුකම හින්දා උන් අහෝ හාමත්වෙලා ඉන්න හැටි උදේ හවස දකිනවා. අඩුම ගානෙ මේ අපාධ ජාවාරම් කාරයො ටික නැවතුණු දවසට උන්ට කැඳ උගුරක් බොන්න පුලුවන් වේවි. එදාට මගෙ ඔලුවෙන් මේ මහා බර නිදහස් වේවි.“

පහන් සමාජයක් උදෙසා දැල්වාගත් බලාපොරොත්තු සහිතව  හුදකලා අරගලයක නිරතවන  මේ ආදිවාසී නායිකාව ඉතිහාසයට එක් විය යුතු ගැහැණියක් බව පමණක්  ලියා තබමි.

ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න-

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්තරන්ත බැන්දම අං එන පොහොට්ටු මන්ත්‍රී කටුස්සා ගැන ලොකුගේ කියයි…

Next Post

වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතයන් 54ක්… කොවිඩ් මරණ 03ක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.