බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්මයි තාත්තයි මාව මහන කරන්න හැදුවා… ගෙදර යන්න බෑ කියලා මාමා එක්ක ගියේ ඒ නිසා… පැහැරගත් බව කී එප්පාවල පොඩි එකා කියයි!

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මව සහ පියා තමන් මහන කිරීමට  ගත් තීරණය තමන් අසා සිටීම හේතුවෙන් නිවසට යෑමට අකමැති වූ බවත්  මාමා තමන්ව ගෙන ගියේ තමන් ගෙදරට යෑමට නොහැකි බව කියා ඔහු පසුපසින් පැමිණි නිසා බවත් පැහැරගත් බව කී එප්පාවල 09 හැවිරිදි කුඩා දරුවා අද පොලිසියට ප්‍රකාශ කළේය.

දරුවා   සිය නිවසට යෑම ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ දරුවාගේ දෙමව්පියන් ඔහුව මහණ කිරීමට ගත් තීන්දුවක් දරුවා අසා සිටීම නිසා බව විමර්ශන වලින් හෙළිවන්නේ යැයි කී  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ  දරුවා සිය කැමැත්තෙන්ම මේ පුද්ගලයා සමග ගොස් ඇති බවත් දරුවාට නිවසට යෑම ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔහු දරුවා රැගෙන ගොස් ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වන බවය.

එප්පාවල කිරලෝගම ගැටදිවුල්ල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි මෙම දරුවා පැහැරගත් බවට චෝදනා එල්ල වූ  සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස්හිමි රිකිල්ලගස්කඩ නගරසභාවේ රියදුරා  ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත  කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් එම්. එල්. නුවන් කෞෂල්‍ය නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගොස් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන තලාව ප්‍රදේශයේ පදිංචි අසේල ප්‍රියන්ත නම් විදුලි කාර්මික ශිල්පියා සහ ඔවුන්ට එප්පාවල ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටීමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ අදාළ නිවසේ හිමිකරු වන අමිල සම්පත්  නැමැති පුද්ගලයින්ය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකිව තිබුණි.

නමුත් ඊයේ (23) පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලැබී තිබේ.

එහිදී දරුවාව පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් සිටින බවය. ඔහු පවසා තිබුණේ දරුවා ඉක්මනින්ම ඔහුගේ මව වෙත ලැබීමට සලස්වන බවය. දරුවා මවට භාර දෙන තුරු පොලිසියේ දමා ඇති පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසත් ඉන් අනතුරුව තමන් ඕනෑම අභියෝගයට මුහුණ දෙන බවත් ඔහු මවට කියා තිබිණි.

ඔවුන් තලාව ප්‍රදේශයේ රැඳීසිටින බව පැවසුවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිත වන බවට තොරතුරු අනාවරණයවීමත් සමගින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැඳී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනිවිද පෙනන පෑන් බට, සූත්‍රිකාව පිලිස්සුන බල්බ් අනවශ්‍ය ලෙස තිබේ නම් දරුවා ගැන වැඩිපුර විමසිලිමත් වෙන්න

Next Post

ෂාෆ්ටර් ගේ නිවසට රස පරීක්ෂකවරු එති!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.