ජයකාන්ත ලියනගේ –
අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ දි අද සවස 6.30ට පමණ කුලී ඝාතකයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මේන්ඩිස් නොහොත් පොඩි සුද්දා නමින් හඳුන්වන 39 හැවිරිදි පුද්ගලයෙකි. මිය ගිය තැනැත්තා ඉඩම්තොට කුලීගොඩ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන ඇත.
අම්බන්ගොඩ නගරයට ගමන් කිරීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු ඉඩම්තොට හන්දියේ බුදු මැදුර ලඟ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇත.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති බව විමර්ශන අංශ පවසයි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







