fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභ්‍යාවකාශයේ පරණ කරනු ලැබූ කෝටි 20සේ වයින් බෝතලේ…

1 වසරක් ago
in පුවත්, වින්දන
445 5
0
Share on FacebookShare on Twitter

– බී.බී.සී –

අභ්‍යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක්   පසුගිය 04 දා අලෙවිය සඳහා ඉදිරිපත් කළේය.  වයින් බෝතලය ඉදිරිපත් වුනේ පෞද්ගලික වෙන්දේසියකටය.  වෙන්දේසි ආයතනය වූ  Christie’s වයින් බෝතලයේ විකුණුම් මිල ඇස්තමේන්තු කර තිබුණේ   ඇමරිකානු ඩොලර් මිලියනයකටය. ලංකාවේ මිලෙන් දල වශයෙන් මිලියන දෙසීයකටය. කෝටි 20කටය.

වයින් බෝතලය තැන්පත් කිරීමට සැකසූ විශේෂ ඇසිරුම

අභ්‍යාවකාශයේ පරණ කළ මෙම ප්‍රංශ   වයින් බෝතලය කක්ෂගත කිරීමෙන් අනතුරුව වසරකට අධික කාලයක් පෘථිවිය වටා ගමන් කර තිබිණි. ප්‍රංශයේ බෝඩෝ (Bordeaux) කලාපයේ වැවෙන මිදි වලින් පෙරා ගන්නා ලද යුෂ භාවිත කොට සකසන ලද මෙම වයින් වර්ගය නම් කර ඇත්තේ පෙට්රුස් 2000 (Pétrus 2000) නමිනි.

පෙට්රුස් 2000  වයින් විශේෂය නිශ්පාදනය කරන එස්ටේට් ශැටෝ පෙට්රුස් (Bordeaux estate Château Pétrus) සමාගම වසරකට නිපදවන්නේ වයින් බෝතල් 30,000ක් වැනි ප්‍රමාණයකි. එම නිෂ්පාදනය සෑම වසරකම ලෝකයේ මිල අධිකම වයින් වර්ග අතර ශ්‍රේණිගත වෙයි. වසර 2000 දී ලද මිදි පලදාවෙන් පෙරන ලද Pétrus වයින් බෝතලයක මිල සාමාන්‍යයෙන් ඩොලර් 6000කි. ශ්‍රී ලංකාවේ දී සාමාන්‍ය බෝඩෝ  වයින් බෝතලයක මිල රුපිලයල් ලක්ෂ 12කි.  අභ්‍යාවකාශයට ගොස් කෝටි 20ක වටිනාකමක් ලබා ගත්තේ මේ ලක්ෂ 12ක වයින් බෝතලය ය.

මෙම වෙන්දේසියේ දී අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් බෝතලය සමඟ සාමාන්‍ය Pétrus 2000 බෝතලයක් ද අලෙවි කරනු ලබන බව Christie’s ආයතනයේ සේවය කරන, වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්‍රිප්ට්‍රී  පවසා තබිණි.

“එතකොට මේ වාසනාවන්ත ගැනුම්කරුට පුළුවන් මේ වයින් බෝතල් දෙකේ වෙනස සසඳා බලන්න.” ඔහු ප්‍රකාශ කළේය.

අභ්‍යාවකාශගත වූ වයින් බෝතලය

වයින් බෝතල් ගබඩා කර තිබූ අභ්‍යාවකාශ මධයස්ථානය

මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අභ්‍යවකාශයේ කක්‍ෂගත කර තිබුණි. ගුරුත්වාකර්ෂණයෙන් තොරව

ස්පේස් කාගෝ අන්ලිමිටඩ් (Space Cargo Unlimited) ආයතනය විසින් වයින් බෝතල් 12ක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත යවා තිබුණේ 2019 වසරේදී ය. ඒ Mission WISE නමැති අභ්‍යවකාශ පර්යේෂණ වැඩසහටහනේ අංගයක් ලෙස  අහාර පාන සහ කෘෂිකාර්මික පර්යේෂණ අධ්‍යයනයක් සඳහාය. මෙම පර්යේෂණ අධ්‍යයනය සිදු කර තිබුණේ පෞද්ගලික අරමුදල් වැය කිරීමෙනි.

දින 400කට අධික කාලයක් අභ්‍යවකාශයේ රැඳෙමින්, ගුරුත්වාකර්ෂණයෙන් තොරව කිලෝමීටර මිලියන 300ක් පමණ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් තිබූ මෙම වයින් තොගය නැවත පෘථිවිය කරා පැමිණියේ 2021 වසරේ ජනවාරි මාසයේදී ය.

අනතුරුව ඒවා  විද්‍යාඥයන් විසින් විශ්ලේෂණයට ලක් කරන ලදී. එමෙන්ම, පෘථිවිය මත පැරණි කරන ලද වයින් සහ අභ්‍යවකාශයේ පැරණි කළ වයින් සංසන්දනය කිරීම සඳහා බෝඩෝ විශ්වවිද්‍යාලයේ වයින් පීඨය විසින් වයින් රස බලන්නන් කණ්ඩායමක් යොදවන ලදී. එය සිදු කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදී ය.

එහි රසය හොඳද? නරකද?

 එම මහඟු අවස්ථාව ලද වාසනාවන්තයින් කීප දෙනා අතර Inside Bordeaux නමැති ග්‍රන්ථයේ කතුවරිය වන, මාධ්‍යවේදිනී ජේන් ඇන්සන් ද වූවාය.

“එහි රසය වඩා හොඳද නරකද කියල කියන්න මට හරිම අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඒක වෙනස්.” ඇය බීබීසීයට පැවසුවාය.

“මල් සුවඳ වැඩියි, දුම් රසයත් වැඩියි. Petrus වයින් පරණ වෙනකොට කොහොමත් එහෙම වෙනවා.”

“සාමාන්‍යයෙන් අවුරුදු 60ක්, 70ක් සැබවින්ම පරණ කරන වයින් වර්ග ඒ තරම් නැහැ. Petrus කියන්නේ එහෙම පරණ කරන වයින් වර්ගවලින් එකක්.”

කෙසේ නමුත් පැහැදිලිව ඇතිවූ මෙම වයින් රසයේ වෙනසට හේතු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය රහිතව පැරණි වීම ද? නැතහොත් පෘථිවියේ සිට අභ්‍යවකාශය දක්වාත් නැවත පෘථිවිය දක්වාත් සිදු කෙරුණු දීර්ඝ ගමන ද? යන්න  ඇය ස්ථිරවම නොදත්තාය.

“නමුත් ඒ රසයේ පැහැදිලි වෙනසක් තිබුණා.” ජේන් ඇන්සන් ප්‍රකාශ කළාය.

අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් අතරින් වෙන්දේසියේ අලෙවි කරනු ලබන්නේ ඊට ඉදිරිපත් කර ඇති බෝතලය පමණි.

වයින් රස බැලීම සඳහා මේ වනවිට බෝතල් තුනක් විවෘත කර තිබේ. ඉතිරි බෝතල් අට ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා තබා ගැනෙනු ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ලංකාව තුළ දිනකට වාර්තාවූ වැඩිම ආසාදිතයන් අද… ගණන 2659යි…

Next Post

කොවිඩ් මරණ 800 ඉක්මවයි…

Related Posts

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ජූලි 4, 2022

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…
  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    173 shares
    Share 69 Tweet 43

Highlights

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

by editor
ජූලි 4, 2022
0

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

by Lanka Sara Editor
ජූලි 4, 2022
0

ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist