ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ දෙවන සී.ටී ස්කෑන් යන්ත්‍රයත් අද (29) බිඳ වැටී ඇත . මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුවකට පත්ව ඇතැයි වාර්තාවේ.
ජාතික රෝහල තුළ සී.ටී ස්කෑන් යන්ත්‍ර 4ක් පවතින අතර හදිසි අනතුරු අංශය සතුව පැවති සී.ටී පරික්ෂණ යන්ත්‍රය බිඳවැටී දැනට වසරක පමණ කාලයක් ගතව ඇති නමුත් එය මෙතෙක් පිළිසකර කර නොමැති බවද සදහන් වේ.
මෙවන් තත්තවක් තුළ දිනකට සී.ටී. පරික්ෂණ 250ත් පමණ සිදුකරන විකිරණ අංශයේ සී.ටී යන්ත්‍රය අද දිනයේදී බිඳ වැටීම හේතුවන් හදිසි අනතුරු අංශයේ සී.ටී පරික්ෂණයන් පවා සිදුකර ගැනීමට නොහැකි වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
ක්‍රියාකාරී තත්තවයේ පවතින අනෙක් සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් බාහිර රෝගී අංශයේ ස්ථාපිත කර ඇති අතර අනෙක් යන්ත්‍රය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ආධිපත්‍යයට යටත්කර තබා ගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.
බිඳවැටී ඇති විකිරණ අංශයේ යන්ත්‍රය මගින් දිනකට පරික්ෂණ 250ක් පමණ සිදුකරන නමුත් නව යන්ත්‍රය මගින් දිනකට සිදුකරනුයේ පරික්ෂණ 10 – 12 පමණක් යැයිද පැවසේ.
මෙම යන්ත්‍රය මගින් දිනකට පරික්ෂණ 10 – 12ක් අතර සංඛ්‍යාවක් කලද මෙම යන්ත්‍රයේ සේවා ගිවිසුම රුපියල් ලක්ෂ 180ක් වන අතර වසර 5ක කාලයක් සදහා අදාල ආයතනය වගකියන බවද සඳහන් වේ.
මෙවන් තත්වයක් තුළ වුවද අදාල නව විකිරණ යන්ත්‍රය භාරව සිටින විශේෂඥ වෛද්‍යවරයා සිදුකරන පරික්ෂණයන් හැකි පමණ සීමා කර ඇතැයි ද පැවසේ.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
කෙසේ වුවද විකිරණ අංශයේ පැවති පැරණි යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් රෝගීන්ගේ මොළයේ අභ්‍යන්තර රුධිර ගැලීම්, පෙනහළු ආශ්‍රිත රෝග, ආමාශ ආශ්‍රිත රෝග, වකුගඩුවල ගල් කුඩුකිරිම, රුධිරනාලවල අවහිරතා හඳුනා ගැනීම වැනි පරික්ෂණ ඇනහිටීම හේතුවෙන් රෝගීන් මහත් අසීරුවකට පත්ව ඇතැයි වාර්තාවේ.