දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුන වර්ෂාව හේතුවෙන් අබකොලවැව ජලාශය ජලයෙන් පිරී ගොස් තිබේ .
මෙය මී ඔය ව්‍යාපාරයේ ආරම්භක ජලාශයයි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 6700 කි. අධික ජල ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ජලාශයේ දොරටු දෙකම අඩි දෙකයි අඟල් හය (2′. 6″) බැගින් විවෘත කර වැඩි ජලය මී ඔයට මුදා හැර තිබේ .
මේ හේතුවෙන් ගල්ගමුව කලුවිලපතාන ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.