බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරිපත් කළ මැතිවරණ දූෂණ  පැමිණිලිවලට කිසිම සාධාරණයක් ඉටු වුනේ නෑ….ජාතික ජන බලවේගයෙන් මැතිවරණ කොමිසමට චෝදනාවක්!

ජාතික ජන බලවේගය චෝදනා කරයි...

by editor
සැප්තැම්බර් 14, 2024
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී නමුත් ජාතික ජන බලවේගය වශයෙන් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ දූෂණ පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිම සාධාරණත්වයක් ඉටු වී නැති බව ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක මධ්‍යස්ථානයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව අමතමිනි. එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 392ක් වාර්තා වී තිබූ අතර, නීති විරෝධී ප්‍රචාරණ සම්බන්ධයෙන් 186ක්, නීත්‍යනුකූල මැතිවරණයට බාධා කිරීම් 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 30ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 120ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම් 73ක් සහ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම් 39ක් වශයෙන් වර්ග වී ඇති බවය.

එහිදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ගුණවර්ධන මෙසේ ද පැවසුවේය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ගුණවර්ධන

අද සිට ජනාධිපතිවරණයට තිබෙන්නේ තව හරියටම දින හතක් පමණයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. එම වගකීම ප්‍රායෝගිකව ඉටු කිරීමේදී පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවා උපකාරී වෙනවා. මේ ආකාරයෙන් පවත්වනු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක සහෝදරයාගේ විජයග්‍රහණය රටේ සියලුම ප්‍රදේශවලින් තහවුරු වී තිබෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කර තිබෙන පැමිිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිම සාධාරණත්වයක් ඉටු වුණේ නැහැ. 2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ සාදයක් පැවැත්වූවා. මේකත් මහජන මතය වෙනස් කිරීමට සංග්‍රහ කිරීමක් හැටියට පවතිනවා. ඒ වාගේම සෞඛ්‍ය ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් හට ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ රැස්වීමක් පවත්වන්න ඇරැයුම් කර තිබුණා. එය පවත්වා තිබුණා. කිසිම චකිතයක්, බියක් නැතිව ජනාධිපතිවරයාගේ නිල ‘ෆේස්බුක් ගිණුමේ’ මෙය සජීවීව විසුරුවා හැර තිබුණා. ඔවුන් නීති කඩමින්, අප වෙතට ඇඟිල්ල දිගු කරනවා.

පසුගිය 13 වැනිදා නිරෝෂන් පාදුක්ක විසින් සම්බන්ධීකරණය කරමින්, ‘සිනමන් ලේක්’ හෝටලයේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණා. එහි කෑම පිඟානක වටිනාකම රුපියල් 5500කට වැඩියි. ඒ වාගේම පිළියන්දල ජනාධිපතිවරයාගේ රැස්වීමක් පැවැත්වීමට මීගමුව ඩිපෝවෙන් ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් පිරිස් යොදා ගනිමින්, නීති විරෝධී ප්‍රවාහන කටයුතු සිදු කර තිබුණා. යමක් සිදු වූ පසුව එම ස්ථානවලට යාමෙන් ඵලක් නැහැ. නමුත්, ඉදිරි කාලය තුළ දී හෝ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව ක්‍ෂණිකව ක්‍රියාමාර්ග ගනීවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් සැබෑ අර්ථයෙන් ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවස්ථාව සලසා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අකලංක උක්වත්ත පෙන්වා දුන්නේ මැතිවරණ නීතිය පමණක් නොව රටේ සිවිල් නීතිය ද අවභාවිතා කරමින් සාහසික සමාජ අපරාධ කරන මට්ටමට ඇතැම් පිරිස් වියරු වැටී සිටින බවය.

නීතිඥ අකලංක උක්වත්ත පවතින තත්ත්වය මෙසේ පැහැදිලි කළේය

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අකලංක උක්වත්ත

.”ව්‍යාජ සටහන්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හැඟෙන පරිදි සකස් කළ ව්‍යාජ තොරතුරු සහ ජාතික ජන බලවේගයේ නායකයන් පළ කළ අදහස් විකෘති කොට සංස්කරණය කරමින්, නිෂ්පාදනය කළ වීඩියෝ පට වාගේම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නමින් ව්‍යාජව සැකැසූ වෛද්‍ය වාර්තාවක් ආදිය මුදාහැර තිබෙනවා. එම වෛද්‍ය වාර්තාව සත්‍ය බව පෙන්වීම සඳහා ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක් යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතාගේ ව්‍යාජ අත්සන සහිතව සෑදූ කූට ලේඛනයක්ද සකස් කර සමාජගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට කරුණු යොමු කළා. ”

“මැතිවරණ නීතිය පමණක් නොවෙයි, එයින් එහා ගිය දණ්ඩනීති සංග්‍රහයේ දක්වා තිබෙන කූට ලේඛන සෑදීමේ වරදවල් සිදු කර තිබෙනවා. ව්‍යාජ වෛද්‍ය සටහන මුදාහැරි පසුව ආසිරි රෝහලේ නිල ‘ෆේස්බුක්’ අඩවියෙන් භාෂා තුනෙන්ම නිවේදනයක් නිකුත් කරමින්, අදාළ වෛද්‍ය සටහන ව්‍යාජ එකක් බව පෙන්වා දී තිබුණා. මේ ව්‍යාජ සටහන රූපවාහිනී සංවාදයක දී පෙන්වීමට පවා යොදා ගත්තා. මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කළත්, ඒවා නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරන බව පැහැදිලි වෙන්නේ නැහැ.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පමණක් නොවෙයි, ඒ වෙනුවෙන් පසුබිම සැකැසීමත් මැතිවරණ කොමිසමේ වගකීමයි. මැතිවරණ නීතිය පසෙක තැබුවත්, සාමාන්‍ය නීතිය යථා පරිදි ක්‍රියාත්මක වන බවට අපි සද්භාවයෙන් විශ්වාසය තබා සිටිනවා. ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ කියන නමින් සංවිධානයක් අටවා ගත් පුද්ගලයකු එහි ලේකම් හැටියට අනිල් ශාන්ත ප්‍රනාන්දු නමින් පෙනීසිටිමින්, මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. ඔහු 21 වැනිදාට පසු ආගමික ප්‍රචණ්ඩත්වයක් එන බවටත්, ජනතා විමුක්ති පෙරමුණ ආයුධ එකතු කරන බවටත් බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. නැති භීතියක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කරන මොවුන් මැතිවරණ නීතියටත් එහා ගිය සිවිල් සහ සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) උල්ලංඝනය කිරීමක යෙදී සිටිනවා. ජනතාව අතර ආගමික සහජීවනය නැති කරන්න දරනු ලබන උත්සාහයක්.

මෙම ජාත්‍යන්තර සම්මුතිය අනුව මේ රටේ පනවා තිබෙන නීති කෙතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළා ද යන්න පසුගිය වසරවල හොඳින්ම නිරූපණය වුණා. සමාජයේ නීතියට අනුව හැසිරෙන්න දන්නේ නැත්නම්, ඒ පුද්ගලයන්ව නීතියෙන් බැඳලා දාන්න ඕනෑ. තමන්ගේ ඔළුවේ තිබෙන විකාර සමාජගත කර අනෙක් අයගේ මනස විකෘති කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය බරපතළ තත්වයක්. සාමකාමී, ස්වාධීන මැතිවරණයක් සඳහා පරිසරය ගොඩනැඟී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලයන් ගෙන යන බියකරු ප්‍රචාර සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වඩාත් සැලකිලිමත් විය යුතුයි.

පසුගිය 07 වැනිදා ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුවට රට පුරාම විසිරී සිටින නීතිඥවරුන් පැමිණි අවස්ථාවේ වතුර බෝතලයක් විතරයි දුන්නේ. නමුත්, එදිනම සවස සමඟි ජන බලවේගයේ නීතිඥ හමුවක් පැවැත්වීමෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය මධුවිතත් ඇතුළුව පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අපි එය පැවැත්වීමට පෙර පැමිණිලි කළත්, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. උදය වරුවේ 2,800කට වැඩි පිරිසක් සහභාගී වී අපේ නීතිඥ සමුළුව පැවැත්වුවත්, සවස ඔවුන් එම පරිශ්‍රයේම පැවැත්වූ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ක්‍රියා කර තිබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමට පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති අපේක්‍ෂකවරුන් සියලු දෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නීතිය වාගේම දණ්ඩනීති සංග්‍රහයත් උල්ලංඝනය කිරීම පිළිබඳව එම ආයතන දැඩිව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන් ලක්ෂ තුනකට වඩා පාසල් ගමන නවත්තලා… ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත හෙළි කරයි!

Next Post

ඡන්දය පැවැත්වෙන 21ත් ඊට පසු දා 22ත් සුරාසැල් වැසේ…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.