සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ සර්ට මග ඇරුණ ද මන්දා !

by editor
මාර්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කාරියක බව කියන  ‘කුඩු නෝනි’   මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  උපයාගත් රුපියල් ලක්ෂ 1103ක දේපොළ නීති විරෝධී වත්කම් සහ දේපොළ  පවරාගැනීමේ ඒකකය මගින්  ඊයේ (29)දා  පවරා ගත්තේය.

පවරාගත් දේපොළ පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අහුංගල්ලට ගියේය.  ඒක එළ වැඩකි.  පොලිසිය මීට දින කිපයකට උඩ දී  කුඩු නෝනිත් අත් අඩංගුවට ගත්තේය. දැන් කුඩු නෝනි හිරේය.

පොලිසිය කියන්නේ  දකුණේ පාතාලයේ ප‍්‍රධානියා බව කී කොස්ගොඩ සුජීගේ කුඩු  කුඩු නෝනි විසින් විකිණූ බවය. නෝනිට දැන් වයස 70කි. නෝනිගේ දුව කුඩු වරදකට ජීවිතාන්තය දක්වා හිරේය. නෝනිගේ පුතා කුඩු කේස් එකකට ඝාතනය වී ඇත්තේය.

කුඩු නෝනිට අයත් රජයට පවරාගත් දේපොළ අතර  රුපියල් ලක්ෂ 363ක බෝට්ටු සහ වාහන තිබෙන්නේය.  රුපියල් ලක්ෂ 740ක් වටිනා ඉඩකඩම් තිබෙන්නේය.  බෝට්ටුව අල්ලන්න පොලිස්පති ගාල්ල ධීවර වරායටත් ගියේය.

මේ ප්‍රවේශය මරුය. මේ නීති විරෝධී වත්කම් පවරා ගත යුතුය. උන්ගේ ගෑවිච්ච ගෑවිච්ච උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මේ සටහන තබන්නේ ඒ ප්‍රාර්ථනාව පෙරදැරිවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෝනි ගැන රට දන්නේ ඊයේය. වටේ පිටේ උන් ඇය ගැන දැනගෙන සිටි බව සැබෑය.  එහෙත් කුඩු නෝනි නැමැති වයසක ගෑනියක් කුඩු විකිණූ බවත් ඇයට කෝටි ගණන් වත්කම් තිබුණු බවත් අප දන්නේ පොලිසිය විමර්ශනය කර ඇයගැන හෙළිදරව් කළ පසුය.  කුඩු නෝනි විකුණා ඇති බව කියන්නේ කොස්ගොඩ සුජීගේ කුඩුය.

කොස්ගොඩ සුජී ගැන නම් රටම දන්නේය.  කොස්ගොඩ සුජී කියන්නේ     ජගමුණි සුජීව ද සොයිසා ය. වාර්ෂිකව කුඩු ටොන් ගණන් දිවයිනට ගෙන්වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් බව නාකොටික් එක කියන්නේය. අඩුම ගණනින් මිනීමරුම් 14කට චෝදනා ලැබ ඇති තැනැත්තෙක්ය. දැන් ඉන්නේ ඩුබායිවලය. ඩුබායිවලට පැන ගන්නට පෙර ඔහු විවාහ වන්නේය. විවාහයට අත්සන් කරන්නේ ගාල්ලේ ප්‍රබල දේශපාලකයෙක් ය. ඔහුට රට පනින්නට ව්‍යාජ ගමන් බලපත්‍ර හැදූ පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගත්තේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහය. ඔහුව වෙඩි තබා ඝාතනය කළේය. හොර පාස්පෝට් චූදිතයන් නිදොස් වී නිදහස් වුනේය.

සුජීට මහා වත්කම් ප්‍රමාණයක් ඇති බව නාකොටික් එක දන්නේය. සමහර දේපල මිනි මරා  අයිතිකරුවන් පළවාහැර බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ඒවාය.  අම්බලන්ගොඩ නගරයේ  දෙමළ ව්‍යාපාරිකයෙක් ඝාතනය කර අත්පත් කරගත්  ඉඩමක් ගැන ද කියැවෙන්නේය. මේ සමහර වත්කම් ප්‍රදේශයේ දේශපාලකයින්ගේ නම්වලට ඇති බවටත් වූ චෝදනා සමාජයේ ඇත. පොලිසිය සුජීලා සමග අතයට ගේම් ගහන බව මිනිස්සු කියන්නේය.

රටෙන් එන මේ චෝදනාවලින් නිදහස්වීම දේශපාලනයේ සහ පොලිසියේ යුතුමක් බව කිව යුතුය. එහෙත් සුජි ගේ කුඩු විකුණන නෝනි ගැන උනන්දු පොලිසිය නෝනිනට  පමණක් නොව රටේ බාගයකට විකුණන්න කුඩු දෙන සුජීගේ වත්කම් ගැන උනන්දු නොවීම පොඩ්ඩක් අවුල් වගේය. කුඩු කාරයෙකුගේ යැයි සැක ධීවර බෝට්ටුවක් අල්ලා ගන්නත් සියලු වැඩ අත්හැර  කොළඹ සිට ගාලු එන තරමට කුඩු මර්ධනය කිරිමට පාතාලය මර්ධනය කිරිමට පොලිස්පතිතුමා කැපවෙද්දී කුඩු බෝට්ටු ගණන් රටට ගෙනැවිත්  බිලියන ගණන් වත්කම් උපයාගෙන ඇති සුජී දෙකොනින් හිනාවෙමින් සිටින්නේ නම් එය පොලිස්පතිවරයාගේ තත්ත්වයට හොඳ නැත.

රත්ගම විදුර ගැන කියන්නට ඇත්තෙත් එවැන්නකි. මේ හාදයාත් ටොන් ගණන් වාර්ෂිකව රටට කුඩු අදින බව කියන්නේ අප නොව, නාකොටික් එකය. මේ හාදයාටත් කුඩු විකුණා උපයාගත් බිලියන ගණන් වත්කම් ඇති බව කියන්නේත් පොලිස් බුද්ධි සේවාය. ඒත් විදුරගේ පර්චස් එකක වත්කමක් පවරාගත් බවට රටට ආරංචියක් නැත.

හරක්කටා ගැන කියන්නට ඇත්තේත් එයය. කුඩු සළිඳු ගැන කියන්නට ඇත්තේත් එයය.  කුඩු සළඳුගේ දේපල අත්පත් කරගන්නට ගිහින් ඔහුගේ කට ඇරුණොත්  පොලිසියට මහා අබ්බග්ගයක් වන බව තතු දන්නා පොලිස් පොඩ්ඩෝ රහසේ අපට කියන්නෝය.  පොලිස්පතිතුමා  දෙමටගොඩ සිට එද්දි   පාස් කරගෙන පැමිණි දෙමටගොඩ පාතාලය ගැන කතාවත් ඒකමය. රුවන්ලාගේ චමින්දලාගේ  පවරාගත් බව කියන දේපල මේ වනවිට ඔවුන්ගේ පවුල්වල අය පරිහරනය කරමින් සිටින බව වාර්තා වන්නේය.  ඔවුන්ගේ  අතාර්කික වත්කම්වලින්    අඩක් පවරාගන්නට කල්පනා කරවත් නැත. ගෝඨාභය ජනාධිපතිතුමාගේ පක්ෂ කාර්යාලය ලෙස පවත්වාගත් ගොඩනැගිල්ල, දෙමටගොඩ පිහිටි කවුරුත් දන්නා රුවන්ගේ අවන්හල තවමත් බධා කිරීම් නැතිව ක්‍රියාත්මකය.

මේ අතර දෙමටගොඩ පාතාලයේ ප්‍රබලයින් සිය අනියම් බිරියන්ට දාව උපන් දරුවන් වෙනුවෙන් තරු පහේ හෝටල්වල සාද පවත්වන මිලියන ගණන් මුදල් අතාර්කික වත්කම්වලට ගණනය වී නැත.

තව අටෝරාසියක් කතාය.

මේ වනවිට කොස්ගොඩ සුජීගේ ඥාතීන්ට ඇති මරණ තර්ජන හේතුවෙන් ඒ ප්‍රදේශ අවට ආරක්ෂාව දැඩි කර ඇති බවත් වාර්තා වන්නේය. මොකා මරන්න ආවත් රටේ නීතියට පිටින් මිනී මරණ උන් ඇල්ලීම උන්ට අදාල දඬුවම් ලබාදීම කළ යුතුය. එය කොස්ගොඩ සුජීගේ ද, රත්ගම විදුරගේ ද, ඇල්ටො ධර්මේගේ ද, දෙමටගොඩ චමින්දගේ ද කියා වැඩක් නැත. උන් පාතාලයේ ද නැද්ද, උන්ට දියයුතු දඬුවම කුමක්ද යන්න තීන්දු කළ යුත්තේ උසාවිය ය.

ප්‍රශ්නය ඇත්තේ එය නොවේ. නිකවැරටියේ කසිප්පු කාරයින්ගේත්, පුත්තලමේ කසිප්පු කාරයින්ගෙත්, කුඩු නොනිලාගෙත්, කොරොසේ කසිප්පු මුදලාලාගේත් වත්කම් අත්පත් කරගන්නා තරම් බරසාර කැපවීක් සුජීලා, විදුරලා, සළිඳුලා, චමින්දලා, රුවන්ලා විෂයෙහි නොමැති බව රටට පෙනීමය. සමහර උන් කියන්නේ චන්දය ලඟ නිසා බරපැණ පියවා ගැනීමට මුන් ටික ආණ්ඩුවේ ලොක්කන්ම බලා ගන්නා බවය.

ඉතින්  මේ කතාව කීවාට පොලිස්පති තුමා අරෝවක් ඇතිකරගත යුතු නැත. අප බලාගෙන ඉන්නේත් එතුමා යුක්තිය මෙහෙයුම කර මේ රටේ පාතාලය සහ කුඩු ඉවත්කරන තුරුය. ඒ වෙනුවෙන් බෝධිපූජා තියන්නත්  අපේ ගෙදර උන්දෑත් ලෑස්තිය. එහෙව් පොලිස්පතිතුමාට එක එකා කුපාඩි කතා කියනවා ඇසීම අපට වෑවෙන්නේ නැත. රහසින් වගේ මේ ටික කියන්නේ ඒ නිසාය. පොලිසියේ  සමහර ගොබ්බ කුපාඩිකම්  රටට හොඳින්ම පෙනෙන්නේය.   වීදුරු ගෙවල්වල සිට ඇඳුම් ගැලවීම හොඳ මදි වගේය.  කොහොම උනත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටෙන් යුක්තියට හොඳක්ම වෙන්න ඕනෑය.

යුක්තිය කොමිටල් වීම රටකට සිදුවිය හැකි නරකම දේ නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්දු යැවීමට පෙර ආශීර්වාද ගන්න මතීෂ දෝනිට වැන්ද ද?

Next Post

දුමින්ද, අමරවීර සහ අලගියවන්න ශ්‍රී.ල.නි.ප යේ තනතුරුවලින් පළවා හැරෙති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.