බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අපේ ක්‍රිකට්වල ලොකු අයියා බන්දුල ගැන එදා ක්‍රිකට් හැඩ කළ අජිත් ද සිල්වා කියන කතාව!

by editor
ඔක්තෝබර් 23, 2021
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අයියා සමුගෙන ගොස් හත් දවසත් ගත වී අවසානය. එහෙත් බන්දුල වර්ණපුර නැමැති අසීමිත මනුෂ්‍යයා ගැන කියන්නට කතා කෙළවරක් නැති බව අපට හැඟෙන්නේය. මේත් එවැනි කතාවකි.

ක්‍රිකට් පිත්තක්, පන්දුවක්, ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා පිටියක් දැක තිබුණේ නැති වකවානුවක අපේ ළමා සිත්වල ක්‍රිකට් සිත්තම් කළ අසිරිමත් සිත්තරුන් දෙපළක් වූහ. ඒ පාලිත පෙරේරා සහ ප්‍රේමස්වර ඈපාසිංහය. පාලිත යනු මේ රටේ ක්‍රිකට් සාහිත්‍යය හා සැබැඳි සිංහල වාග් කෝෂය බිහි කිරීමේ පුරෝගාමී විශිෂ්ටයාය. ඔවුහු අපේ සිත්වල පතාක ක්‍රිකට් යෝදයෝ මවා තිබුණහ. රූපවාහිනියක් අපේ ගම් හතක නැති කාලයේ දී ඒ වීරයින්ගේ ඡායාරූප පුවත්පත්වලින් කපා පොත්වල අලවා තබා ගැනීමේ අතීතයක් අපට තිබිණි.

Ajith de siva
අජිත් ද සිල්වා 1975 මැයි 31 දා… ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට පෙර…

අජිත් ද සිල්වා කියන්නේත් අපේ පුංචි ලෝකයේ එදා සිටි අසිරිමත් වීරයෙකි. වමතින් පා දඟ පන්දු යවමින් ඒ වකවානුවේ ක්‍රිකට් දිනා සිටි යෝධයන් සල්ලං කළ අජිත් ද සිල්වා බන්දුල වර්ණපුර යටතේ අපේ පළමු ටෙස්ට් තගයට ක්‍රීඩා කළ අපේ දඟපන්දු තුරුම්පුව වූයේය. ඔහු පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ කඩුලු දෙකක් ලබා ගත්තේය. දෙවන ඉනිමේ දී ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායමට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 175කි. එය පහසු ඉලක්කයක්   විය. එංගලන්තයේ කඩුලු 03ක් බිඳ වැටිනි. ඔවුහු කඩුළු 07කින් ජයග්‍රහණය කළහ. බිඳ වැටුණු කඩුළු 03න් දෙකක් බිඳ හෙළුවේ අජිත්ය.

ක්‍රිකට් ව්‍යාපාරයක් නොවූ කාලයක ක්‍රීඩාවට ඇති ආදරය නිසාම අතේ වියදමින් ක්‍රිකට් ගැසූ පරම්පරාවේ දිදුලන චරිතයක් වූ අජිත් ද සිල්වා බන්දුල වර්ණපුර සමග ගෙවූ ක්‍රීඩා ජීවිතයේ අතීත මතක ලංකාසර වෙනුවෙන් හෙළි කරන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අජිත් ද සිල්වා අද

මේ ඔහු අප හා කළ ඒ කතා බහය.

දශක පහකට එපිට දී ගොඩනැගුණු මිත්‍රත්වය

” බන්දුලගෙයි මගෙයි හඳුනා ගැනීම 1969 අවුරුද්ද තරම් ඈතට යනවා… මම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රිකට් ගහන කාලේ මිත්‍ර වෙත්තමුණිගේ නායකත්වයෙන් යුතු ව ඉන්දියාවේ පැවති ක්‍රිකට් තරඟයකට යාම සඳහා මාවත් තේරුණා. දකුණු පළාතෙන් ම මට තමයි ඒ අවස්ථාව උදා වුණේ. ඒ සඳහා පුහුණුවීම් කොළඹ පැවැත්වුණු නිසා මම දෙහිවල අක්කලාගේ ගෙදර ඇවිත් නතර වුණා. “
““ඒ වුණාට කොළඹ ඇවිදින්න පාරවල්, යන එන විදිය මම දන්නේ නෑ. බන්දුල හිටියේ වැල්ලවත්තේ නිසා එයා මාව පුහුණුවීම්වලට එක්කගෙන යන්න බාර ගත්තා. මම බන්දුලත් එක්ක පුහුණුවීම්වලට ගියා. බන්දුල හරි වෙලාවට වැඩ කළ කෙනෙක්.“
“අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් තිබුණේ නැහැ. මම නගර සභා කණ්ඩායමට එකතු වෙලා 15න් පහළ ක්‍රීඩා කළා. ඒ වෙලාවේ මගේ පුහුණුකරු බවට පත්වුණේ ආර්. එම්. එන්. ද සිල්වා මහතායි. 1969-1970 කාලයේ මම ධර්මාශෝක විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළා. ඒ කාලේ තමයි ඉන්දියාවේ සංචාරයට එක් වෙන්න මට අවස්ථාව ලැබුණේ. “
“ඊට පස්සේ දවසක මට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න කියලා ඇරයුමක් ලැබුණා. මම කොළඹ යන්න අකැමති වුණා. ඒත් ගෙදරින් ලොකු බලපෑමක් ආව නිසා මම ආනන්ද විද්‍යාලයට ගියා. පාසලෙන් පස්සේ මම එන්.සී.සී. එකට සෙල්ලම් කරන්න ගත්තා. “

බන්දුල සහ අජිත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙස

අජිත් ගේ දඟපන්දු වික්‍රමය

“එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ඉන්න කාලේ මම ගොඩාක් තරඟවලට ගියා. ඊට පස්සේ කාලෙක බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට මම එක් වුණා. පාසල් කාලේ ඉඳලා මට හැම තරඟයකදී ම බන්දුල ව හමු වෙනවා.“
“අනුර තෙන්නකෝන් ගේ නායකත්වය යටතේ පකිස්ථානු සංචාරයට මම එක් වුණා. ඒ වෙලාවේ මම විකට් පහක් ගත්තා. ඒ සංචාරය නිම වෙලා ලංකාවට එනකොට ‘ලෝකයේ දෙවන වමත් දඟ පන්දු යවන්නා මමයි’ කියලා ලංකාවේ පත්තරවල පළ වෙලා තිබුණා. “
“1975 සහ 1978 වසරවල එංගලන්තයේ තිබුණු ලෝක කුසලාන තරගවලටත් මම ක්‍රීඩා කළා. “

බන්දුලගේ නායකත්ව ගුණය

“බ්ලූම් ෆීල් ක්‍රීඩා සමාජයට බැඳුණාට පස්සේ මම බන්දුල වර්ණපුරගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළා. බන්දුල මගේ ක්‍රීඩා විලාසයට ලොකු සහායක් දුන්නා. ඒ ඒ පිතිකරුවන්ට පන්දුව යොමු කළ යුත්තේ කෙසේ ද කියා ඔහු මගේ හැකියාව තරඟයේ ජයග්‍රහණය උදෙසා ඉතා දක්ෂ ලෙස මෙහෙයුවා. “

“ඔහු ඉතාම සුහදශීලී ව තමයි අපිව මෙහෙයෙව්වේ. මොනම වෙලාවකදීවත් ක්‍රීඩකයන් ව මානසික ව වැට්ටුවේ නෑ. හැම ක්‍රීඩකයෙක් ගැන ම හොඳ අවබෝධයක් ඔහුට තිබුණා. අනෙක් කණ්ඩායමේ පිතිකරුවන් ගැන, ඒ ඒ පිතිකරුවන්ට බෝලය යොමු කරන්න ඕනේ මොන විදියටද කියන අවබෝධය ඔහුට අපට වඩා තිබුණා. “
“හැම තරඟයක් ම ආරම්භ කරන්න කලින් බන්දුල කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙකුට ම වෙන වෙන ම කතා කරලා අවශ්‍ය දේවල් කියනවා. තරඟයක් ඉවර වුණු ගමන් ඒ ගැන අඩුපාඩු කතා කරනවා. කියන්න තියෙන දේ මූණට ම කියනවා. ඒ කාලේ හොඳ විනයක් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ට තිබුණා. “

“ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ ඔවුන් සමග දින හතරක නිල නොවන ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කළා. ඒකෙදි පළවෙනි ඉනිමේදි විකට් හයක් සහ දෙවනි ඉනිමේදී විකට් තුනක් ලබා ගනිමින් ඒ තරඟයේ වීරයා බවට මම පත් වුණා. ඊට පස්සේ තමයි පළවෙනි නිල ටෙස්ට් ක්‍රිකට් තරගය 1982 ලංකාවේ පැවැත්වෙන්නේ.“

Ajith-de-sila
අජිත් ද සිල්වා පළමු ටෙස්ට් තරගය අතරතුර

බස්වල පුහුණුවීම් සඳහා ගිය අතීතය

“ඒ කාලේ අපට පහසුකම් තිබුණේ නැහැ. අපි බස්වල නැගලා තමයි පුහුණුවීම්වලට ගියේ. මැච් එකකට ගියා ම දවසකට රුපියල් 50ක් වගේ තමයි ඒ කාලෙ අපට ලැබුණේ.
හොඳ පහසුකම් ඇතුව පළමු වතාවට අපට හෝටලයක නවතින්න හම්බ වුණේ පළවෙනි ටෙස්ට් මැච් එක වෙලාවෙදි යි. ඒ වෙනකන් අපට එවැනි පහසුකමක් ලැබිලා තිබුණෙ නෑ. නමුත් අපි ක්‍රීඩාවට ආදරයෙන් උපරිම කැපවීමෙන් අපේ පුහුණුවීම් කළා. නායකයා කියන දේ අපි ඇහුවා. ක්‍රීඩාවේ විනය අපි ආරක්ෂා කළා.“

කළකිරීමේ ආරම්භය

“එහෙම තියෙද්දි පළමු ටෙස්ට් මැච් එක වෙලාවේ එංගලන්තෙ ක්‍රීඩා සමාජයක හිටියා කියලා ඩී. එස්. ද සිල්වා ව පළමු ටෙස්ට් මැච් එකට ලංකාවට ගෙන්නුවා. එයාට ලොකු ගාණක් ගෙව්වා. දන්න හැටියට එයාට එංගලන්තයේ එයා හිටපු ක්‍රීඩා සමාජයෙන් ගෙවපු මුදල ලංකාවෙ මුදලින් ගෙවලා, රෑට යන්න වාහනයකුත් දීලා තිබුණා. අපි ඇත්තට ම ඒ වෙලාවෙ හැමෝම බොහොම කලකිරීමෙන් තමයි හිටියේ. “

“ඒ කාලේ ක්‍රීඩකයන්ට තිබූ නීතියත් දැඩියි. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මගේ ක්‍රිකට් ගැහිල්ල සම්පූර්ණයෙන් ම නතර වුණා. “

දුලිප් මෙන්ඩිස්ලා සංවිධානය කළ දකුණු අප්‍රිකානු ගමනේ බන්දුල ගොදුරක් වූ හැටි

“වර්ණ භේද වාදය නිසා ඒ කාලේ දකුණු අප්‍රිකාව සමග ලෝකයේ බොහෝ රටවල් දුරස් වුණා. එහෙම තියෙද්දී ක්‍රිකට් තරඟයක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක් හොර රහසේ ම සංවිධානය කළේ දුලිප් මෙන්ඩිස් සහ ටෝනි ඕපාත දෙදෙනා යි. බන්දුල ඒ වැඩේට මුලදි සම්බන්ධ වෙලා හිටියේ නෑ. ඒ ගමන හොර රහසේ සංවිධානය වන අතරේ දුලිප් මෙණ්ඩිස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබුණා. රෝයි ඩයස් උප නායකයා වුණා. ඒ නිසා ඒ දෙන්නාට ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයට එක් වෙන්න බැරි නිසා තමයි බන්දුල වර්ණපුර ඒ ගමන ගියේ.“
“බන්දුල, මම ඇතුළු ව අපි 14 දෙනෙක් 1982 දකුණු අප්‍රිකාවට හොරෙන් ගියා. මුලින් අපි කට්ටිය බැංකොක්වලට ගියා. දකුණු අප්‍රිකාවෙන් එතැනට ඇවිත් සිටි කෙනෙක් එතැන ඉඳලා අපි ව දකුණු අප්‍රිකාවට හොරෙන් ම එක්කගෙන ගියා.“

ලේසි නොවුණු තරගාවලියක්!

“ඒ ක්‍රිකට් තරඟාවලිය ම ලේසි පහසු වුණේ නැහැ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් උසින් අඩි හයකටත් වඩා වැඩියි. ඒ වගේ ම එයාලා වේග පන්දු යවන්නන් නිසා අපේ මුළු කණ්ඩායමට ම අතිශය අමාරු තරඟාවලියක් වුණා. අපේ ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට තුවාල වුණා. බන්දුල වර්ණපුරටත් දෙතුන් වතාවක් ම තුවාල වුණා. මාස දෙකකට කිට්ටු කාලයක්, ක්‍රිකට් තරඟ 14ක් පමණ අපේ කණ්ඩායම දකුණු අප්‍රිකාණු කණ්ඩායම එක්ක ක්‍රීඩා කළා. නමුත් එකක්වත් අපට දිනන්න ලැබුණෙ නැහැ.“
“බන්දුල අතෑරියේ ම නැහැ. එයා අපි හැමෝට ම කතා කරමින් අපි ව පුදුම විදිහට දිරි ගැන්නුවා. දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සහ තරඟ සංවිධායකවරුන්ගෙන් අපේ කණ්ඩායමට ඉතා ඉහළ සැළකිලි සත්කාර ලැබුණා. ඒ අතරේ ලංකාවේ මාධ්‍යවලින් අපේ රහස් සංචාරය ගැන හෙළිදරව් කර තිබුණා. අපි පණ බයේ ලංකාවට ආපහු ආවා. බන්දුලගේ සහායකයෝ සහ තවත් ක්‍රීඩා සහායකයෝ බොහෝ පිරිසක් කටුනායක ගුවන්තොටුපළට ඇවිත් හිටිය නිසා අපේ බය ටිකක් අඩු වුණා. “

“නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි තීරණ අරගත්තා. අපි හැමෝට ම ක්‍රිකට් තහනමක් වැටුණා. අපි රැකියාව කළ තැන් පවා අපට නැති කළා. රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මේ තහනම ඉවත් කෙරුණා. ඒ වුණාට ඒ වෙද්දී අපි කිහිප දෙනෙකුගේ ම හොඳ කාලේ අවසන් වෙලා තිබුණා. ලොකු කාලයක් පුහුණුවීම් නැතුව ඉඳලා නැවත සෙල්ලම් කරන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ. “

“මම ව්‍යාපාරයක් පටන් ගත්තා. අපි කොහොමටත් හිතුවේ නැහැ ඒ තරම් බරපතල දඬුවමක් අපට දෙයි කියලා. ලොකු කළකිරීමක් ඇති වුණා. නමුත් කවදාවත් අපේ කණ්ඩායමේ එකමුතුකම නැති වුණේ නැහැ. බන්දුල, මම, ලලිත් කළුපෙරුම බොහෝවිට හමුවුණා. නිතර කතා බහ කළා.“

අජිත් අජිත්ගේ බිරිය දමයන්ති සහ බන්දුල අජිත්ගේ නිවසේ දී…

“බන්දුලගේ අසනීපය ගැන මට දැනගන්න ලැබුණ වෙලාවේ මට හරි ම කණගාටුවක් ඇති වුණා. ඒත් එයා මෙතරම් ඉක්මනට ජීවිතයෙන් සමු ගනී කියලා නම් මට හිතුනේ ම නෑ. එයා තව පරෙස්සම් වුණා නම් කියලාත් මට හිතුණා. “
“එයා තමන් ගැන හිතනවාට වඩා අනුන් ගැන හිතපු කෙනෙක්. ඉතා ම ගුණ යහපත් කෙනෙක්. හඳුනා ගත්ත මොහොතේ ඉඳලා ම හොඳ යාලුවෙක්. මම ගිහින් බන්දුලගේ දේහයට අවසන් ගෞරව දක්වලා ආවා. තව බොහෝ කලක් මේ රටේ සිටිය යුතු කෙනෙක් මේ විදිහට අකාලයේ රටට අහිමි වීම ගැන මට දැඩි කණගාටුවක් දැනෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලාන සුපිරි වටයේ දී අපි හැප්පෙන හැටි!

Next Post

දිලිත්ගේ අරුණට විරුද්ධව ජනපති ලේකම් පී.බී. පොලිසි යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.