බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි මොනවා කිව්වත් අහන්නේ නෑ… ඔවුන් යන්නේ ඔවුන්ගේ ගමන… පෞරාණික තැපැල් ගොඩනැගිලි විකිණීමට ජනපති ගත් තීරණයට එරෙහිවනසේ අයැදින්නට ගිය තැපැල් සේවකයින්ට මල්වතු මහා නාහිමි කියති!

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ, ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස දේශපාලඥයන් හට විවිධ අවස්ථාවල කොතෙක් අවවාද අනුශාසනා සිදුකළද  ඔවුන් එය කිසිදු විටක මායිම් නොකිරීම කනගාටුවට කරුණක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති.       

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නියෝජිත පිරිසක් අද ( 08 )   නාහිමියන් බැහැදැක සංදේශයක් භාර දුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.

සංදේශයක් බාර දෙමින් තැපැල් වෘත්තිය සමිති නියෝජිතයන්  නාහිමි හමුවේ පවසා සිටියේ ජනාධිපතිතුමන් ඉතාමත් අත්තනෝමතිකව නුවරඑළිය හා මහනුවර ඉපැරණි තැපැල් සංකීර්ණ  ඉන්දියානු හොටල් සමාගමකට විකිණීමට උත්සාහ කරන බැවින් එම උත්සාහය වැළැක්වීම සඳහා නාහිමියන්හට මැදිහත් වීමක් සිදු කරන ලෙසය.

දැඩි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වසර 200කට වඩා   පැරණි මෙම ගොඩනැගිලි මේ වන විටද සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව පවතින බැවින් එම ගොඩනැගිලි තැපල් දෙපාර්තමේන්තුව සන්තකයේ තබා ගනිමින්ම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් තම වෘත්තීය සමිති විසින් රජයට ලබාදී තිබුණද ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ජනපතිවරයා රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ නාහිමි හමුවේ පැවසූහ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ මෙසේද පැවසූහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2018 වසරේදීත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා අපට මතකයි. අපි දැක්කා විදේශිකයෝ පවා මේ පෞරාණික ගොඩනැගිල්ල විකුනනවාට එරෙහිව අදහස් පළ කරනවා. විරෝධතා පවත්වනවා.

විවිධ ගැටලුවලදී රටේ, විශේෂයෙන් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නැයි මහා සංඝරත්නය වශයෙන් අප කොතෙක් අනුශාසනා කළද බොහෝ දේශපාලනඥයන් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්.

අප කොතෙක් අනුශාසනා කළ ඒ අය ඒ අයට අවශ්‍ය ගමන යන්න තමයි උත්සාහ කරන්නේ.

මහා සංඝ රත්නය වශයෙන් අප මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළත් පලක් වේවිද කියලා කියන්න බෑ. වරායට, “ත්‍රී කුණාමලයේ තෙල් ටැංකිවලට උනෙත් ඔය දේම තමයි. නුවරඑළියෙ තවත් ඉඩ තියෙන තැනක තැපැල් කන්තෝරුව වගේ ආකෘතියට හෝටලයක් හදලා සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්නේ” යනුවෙන් සඳහන් කළ නා හිමියෝ ලංකාව පුරා පිහිටි පෞරාණික තැපැල් ගොඩනැගිලි සියල්ලම විකිණීම සඳහා රජය කටයුතු කරන්නේ දැයි   වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියහ.

වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළේ එම සියලු පෞරාණික ගොඩනැගිලි මෙන්ම රටේ සම්පත් රැසක් අලෙවි කිරීම සඳහා මේ වන විට රජය පිඹුරුපත් සකසමින් සිටින බවය.

නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් පළ කළ ඒකාබද්ධ තැපල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ කියා සිටියේ ජනාධිපතිතුමාගේ මෙම අත්තනෝමතික කටයුතුවලට එරෙහිව තැපල් දෙපාර්තමේන්තුව ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට බලාපොරොත්තු වන බවය.

ඒ සඳහාද ජනපතිතුමන්  නම්‍යශීලීභාවයක් නොදක්වන්නේ නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධ කොට දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට හෝ පසුබට නොවන බවද හෙතෙම වැඩිදුරටත්  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූර එක් වර පුරප්පාඩු වෙයි!

Next Post

ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න ජනපති  “චිත්‍රසිරි කමිටු වාර්තාව”  ගෙනෙයි… ජනපති පත් කළ කැබිනට් අනුකමිටුව හරහා හෙට එය පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.