අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට තවමත් ප්‍රකාශයට පත් කර නැති බව රාජ්‍ය පරිපාලන ඇමති ආචාර්ය චන්දන අබේරත්න අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කළ විමසීමකට අනුව ඇමතිවරයා ප්‍රකාශ කළේ 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත් නොකරන්නට තීරණය කළේ එම සතියේ සිකුරාදා (18) දිනයට මහ සිකුරාදා යෙදී ඇති බැවින් එයත් රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ වී තිබීම බවය.
15 වැනිදා නිවාඩු දිනයක් ප්‍රකාශ කළහොත් එම සතියේ වැඩ කරන දින ඇත්තේ 02ක් පමණක් බව කී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා කෙසේ වෙතත් මේ සම්බන්ධව සාකච්ඡා කරන බව ද පැවසුවේය.







