සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තට ආවේ… මම කිව්වා පොලිසියට නෝන්ඩි වෙන්න එපා කියලා… යෝෂිතට ඇප දුන්න පසු නාමල් කී කතාව!

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මම… හිරේ යන්නේ මගේ මල්ලි… අපෙන් පලි ගන්න එක පැත්තකින් තියලා ඉස්සරවෙලා රටේ ජනතාවට තුන් වේල කන්න පුලුවන් ආර්ථිකයක් හදන්න…අපරාදේ ආණ්ඩුවේ වෙලාව….

  • මේ ආණ්ඩුවේ කැබිනට් එකෙත් ඉන්නවා ඉඩම් අල්ලගත්ත උදවිය… ඔවුන්ටත් එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි… හැමෝටම නීතිය සමාන විය යුතුයි…

තමන් පොලිසියට නෝන්ඩි වෙන්නට එපා යැයි මුලදීම කියා සිටි බවත්, හයිවේ එකේ ජනතා මුදල් වියදම් කරගෙන බෙලි අත්තට ගොස් සිය සොයුරා අත් අඩංගුවට ගෙන මීඩියා ෂෝ නොදමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කීවා නම් ඇවිත් යන බවත් නාමල් රාජපක්ෂ අද (27) මාධ්‍ය අමතා පැවසුවේය.

නඩු හදමින් දෙශපාලන පළිගැනීම් නොකරන ලෙස රජයට දැනුම් දෙන බව කී නාමල් රාජපක්ෂ දැන් තම පවුලෙන් පළිගැනීම ආරම්භ කර ඇති බවත් තමන් පාර්ලිමේන්තුවේ කතා කරනවිට හිරේ යන්නේ තමන්ගේ සොයුරා බවත් පැවසුවේය.

නාමල් රාජපක්ෂ සහ මාධ්‍ය අතර අද උසාවි සංකීර්ණය ඉදිරිපිට මෙවැනි සංවාදයක් ඇති විය.

අපි හැමදාම විශ්වාස කරනවා රටේ අධිකරණ පද්ධතිය. ඒ වගේම තමයි දේශපාලන තර්ජනයට ලක් වනකොට අනෙක් පැත්තෙන් අපි අධිකරණයේ සහාය පතනවා. නාමල් රාජපක්ෂ පැවසුවේය.

මාධ්‍යය – ඇයි මේ වගේ දෙයක් සිද්ධවුනේ

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

නාමල් – ඒක අහන්න ඕන නියෝජ්‍ය  ආරක්ෂක අමාත්‍යවරයාගෙන්. මොකද රාත්‍රියේ කළ සාකච්ඡාවේ දි මා හිටියෙ නෑ. එ්‍තුමා හිටියේ. එතුමාටත් අමතකවෙලා. එතුමා අති ගරු ජනාධිපතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා. ඒ කියන්නේ ඒ සකච්ඡාවේ දි ජනාධිපතිතුමත් ඉඳලා තියනවා. ඇයි මෙහෙම කරන්නේ කියන කාරණය මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන්, පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් සහ අධිකරණ ඇමතිවරයාගෙන්.

හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැය කරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න… විශේෂයෙන්ම පවුලේ අය… පාර්ලිමේන්තුවෙ කෑ ගහන්නේ මම. හිරේ යන්නේ මල්ලි. අපිව දඩයම් කරන්න කලින් තුන්වේල කන්න පුලුවන් විදිහට මේ රටේ ආර්ථිකය හදලා දෙන්න කටයුතු කළොත් ඒක හොඳයි…

මාධ්‍යය – දුන්න පොරොන්දුවක් නේද නඩු ෆයිල් ටික ගන්නවා කියන එක

නාමල් – එතුමා දීපු පොරොන්දුවක් වෙන්න පුලුවන්. හැබැයි ඒ මොන ෆයිල් එකද කියන එක තමයි ප්‍රශ්නය.

මාධ්‍යය – නීතිය ක්‍රියාත්මක කරන එක වැරැද්දක් ද?

නාමල් – නෑ… කිසිම වැරැද්දක් නෑ. හැබැයි අපරාධයක් හයිවේ එක දිගේ බෙලි අත්තටම ඇවිල්ල එක්කන් ආපු එක. අපිට සඳුදා එන්න කිව්වා නම් අපි එනවා. ඉරිදා එන්න කිව්වත් අපි එනවා. මොකද අපි මෙතෙන් ආපු ගියපු නැති තැනක් නෙමෙයි නේ. මම කිව්වනේ. පොලිසියට නෝන්ඩි වෙන්න එපා කියලා.

මාධ්‍යය – පොලිසියට මොකක් ද වුනේ

නාමල් – නෑ මේක අපරාධයක් කියලා හිතෙන්නෙ නැද්ද ඔබතුමාලට. ඔබතුමාලා මේ ඇමතිවරුන්ගේ වාහන ගැන කතා කරනවා. ජනාධිපතිවරයාගෙ වාහන අඩු කළා කියලා ජනාධිපතිවරයා කියනවා. තකහනියක් බෙලි අත්තට යන්නේ ඇයි තෙල් ගහගෙන. කතා කරලා එන්න කිව්වනම් කටඋත්තරය දෙනවනේ.

මාධ්‍යය – හැබැයි මෙච්චර කාලෙකට අවුරුදු අටක් විතර මේ නඩුව වැහිලා තිබිලා තියනවා නේද?

නාමල් – මේ නඩු පටන් ගත්තෙත් දූෂණ මර්ධන කමිටුවෙ ලේකම්වරයා විදිහට හිටිය දැන් ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබ්බ දේශපාලන දඩයම අද සාක්ෂි හදාගෙන ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා. පැහැදිලිවම විපක්ෂය මර්ධනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න තමයි මේ ආණඩුව උත්සාහ කරන්නේ.

මාධ්‍ය – ඔබතුමා දැනුත් කියනව ද පුලුවන්නම් දාන්න කියලා

නාමල් – පැහැදිලිවම … අපි ආණ්ඩුවට කියන්නේ වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ ඔප්පු කරන්න. නිකම් මේ මාධ්‍ය සංදර්ශන දාලා මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. ඕනෑම කෙනෙක් සම්බන්ධව කටයුතු කරන්න. ආණ්ඩුවේ කැබිනට් මණඩලයෙත් ඉන්නවා ඉඩම් අල්ලපු අය. අධිකරණයේ නඩු තියනවා. ඒ අය ඇතුළු හැමොටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි දේශපාලනීකරණය කරන්න එපා.

මාධ්‍යය – ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාව…

නාමල් – ඒක උසාවියෙ දි කියැවෙයි… අපරාදෙ ඔබතුමා  අපේ ගෙදර ආවා නම් ඒක පෙන්නන්නත් තිබුණා…

එම අවස්ථාව දෙරෙණ රූපවාහිනිය මෙසේ වාර්තා කර තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝෂිතට ඇප… තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගන්න අධිකරණය සෑහීමකට පත්වන කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් වී නෑ…. අධිකරණය කියයි!

Next Post

පැවැත්වීමට යන ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශවිකයි… අසාධාරණයි… ක්‍රීඩා සමාජයක් විරෝධතා ගොනු කරයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.