සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපයෝජනයට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන් තිදෙනාට සාධාරණය ඉටු කරන බවට රජයෙන් සහතිකයක්…

by editor
ඔක්තෝබර් 22, 2025
in පුවත්
sexual-abuse
Share on FacebookShare on Twitter

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අතින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් වුන කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන් තිදෙනා සම්බන්ධව ගත හැකි උපරිම සාධාරණ පියවර ගන්නා බවත්, මෙවැනි සිදුවීම් පාලනය කරගැනීම සඳහා පාදක වන්නේ නිශ්ඡිත විමර්ශනයකින් අනතුරුව වරදකරුවන් වෙත ලබා දෙන දැඩි දඬුවම් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කරනු ලැබුවේ මේ අපයෝජන සිද්ධිය පාසලේ විදුහල්පතිවරයා විසින් බලපෑම් කර යට ගැසීමට උත්සාහ කරන බවය. එමෙන්ම මේ අපරාධය යට ගැසීමට එරෙහිව පාසල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට දෙමව්පියන් සංවිධානය වන බව ද විපක්ෂ නායකවරයා  කීවේය.

ඔහු ඒ සම්බන්ධව  කීවේ මෙසේය.

“ කොළඹ මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනෙක් එම විදුහලේ ප්‍රධාන ස්ථාන භාර ආරක්ෂක නිලධාරියා විසින් ඔක්තෝම්බර් හතරවැනි සිකුරාදා බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක් කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ දැනගන්නට තිබෙන ආකාරය විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන්වත් මේ අපයෝජනයට ලක් වූ දරුවන් තිදෙනා සම්බන්ධව පැහැදිලි පියවරක් අරගෙන නෑ. දන්න විදිහට වෛද්‍යවරුන් වෙත යොමු කරලත් නෑ. “

“ විශේෂයෙන් මේ ආරක්ෂක ආයතනය පිළිබඳව ඒ වගේම අපයෝජනය කළ පාපතරයා පිළිබඳව ක්‍රියා කරන්න කටයුතු කරලා නෑ. ගුරුවරයින් දෙපළක් පමණ විදුහල්පතිවරයාගේ අවධානය යොමු කරන්න හදපු වෙලාවේ විදුහල්පතිවරයා තර්ජනය කරලා තියනවා කියන එක වාර්තා වෙනවා. පැමිණිලි කරන්න ගියාම දරුවන් උසාවි ගානේ ගෙනියන්න වෙයි, අවුරුදු ගානක් ගතවෙයි කියලා දෙම්පියන් බියවැද්දීමක් වෙලා තියනවා.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“කොච්චර උත්සන්න වීමක් වෙලා තියනවද කියනවා නම් මේ කාරණාව පාසල ඉදිරිපිට උදඝෝෂණයක් කරන්න කැඳවීමක් තියනවා. මම විශේෂයෙන්ම මේ කාරණාව ඔබතුමාට යොමු කරන්නේ මේ කාරණාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඒ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් තුන්දෙනා පළිබඳව නිසි ආරක්ෂාව රැකවරණය ශක්තිය උපදේශනය  ලබා දීම සඳහා කටයුතු කරන්න.”

“ළමා ආරක්ෂණ අධිකාරිය තිබෙන්නේ ඔබතුමා යටතේ නෙමෙයි. නමුත් මේ පිළිබඳව මේ සංවේදී කාරණාවෙදි කාටද මේකේ වගකීම තියෙන්නේ කියලා හොයලා බලන්නේ නැතිව යම් කිසි පියවරක්  අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා හරි ගන්න. විශේෂයෙන්ම මේ අපයෝජනයට ලක් වුන දරුවන්ට ලබා දිය යුතු ආරක්ෂාව රැකවරණය, උපදේශනය වෛද්‍ය ප්‍රතිකාර සිදුවනවා නැද්ද යන්න සොයලා මේ ක්‍රියාවට මුල්වුන පාපතරයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද, එසේත් නැතිනම්   මේක යටගහන්න  යම් යම් බලපෑම් කරනවා ද කියන එක මේ පාර්ලිමේන්තුවට මේ ගැන ප්‍රකාශයක් කරන්න. සංවේදී කාරණාවක්. බරපතල කාරණාවක්. ළදරුවන්ට මේ පාපතරයා කළ විනාශය ගැන ගත හැකි උපරිම පියවර ගන්න කියලා මා යෝජනා කරනවා.”

“දරුවන්ට එරෙහිව  සිදුවන කායික මානසික කවර හෝ හිංසනයකට එරෙහිව මේ රජය දැඩිව කටයුතු කරනවා. නීති මගින් කටයුතු කරනවා පමණක් නොවෙයි ඒ දරුවන් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන අන්තර් අමාත්‍යාංශ අවධානය යොමු කරමින් නීති ශක්තිමත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම සමහර ගතානුගතික සහ ආචීරණ කල්පිත මතවාද නිසා අගතියට පත්වන දරුවන් බේරාගන්නත් අප රජයක් ලෙස කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි හිතනවා ඒකට  විපක්ෂය අවශ්‍ය කරන සහාය ලබා දෙන්න කියලා ඉල්ලනවා.”

එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ පැවසුවේය.

“මේ නිශ්චිත කරුණ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබෙන්නේ. විමර්ශන දියත් වෙලා තියනවා. පොලිසිය පැත්තෙන් කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. “

“මෙවැනි කවර හෝ සිදුවීමක් සුළු කොට තකන්නේ නෑ. මේ සිදුවීම්වලට අප ගන්නා ප්‍රතිචාරයෙන් තමයි තවත් මේ සිදුවීම්  වළක්වා ගත හැකි වන්නේ. විශේෂයෙන්ම මෙවැනි  සිදුවීම් වාර්තාකරණයේ දී ඒ දරුවන් යළි යළිත් අගතියට පත් නොකර  වාර්තා කරන්න මාධ්‍යයටත් වගකීමක් තියනවා.  “

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිරියගේ පෙර විවාහයේ 14 වියැති දියණියට බරපතල ලිංගික අතරවයක් කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට.

Next Post

පද්මේ සමග නිලියන් – නිරූපන ශිල්පිනියන් 05ක් සම්බන්ධතා පවත්වලා…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.