බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපට ඉතිරි කරලා තියෙන්නේ උරුලෑවා ගිය පාරක්… ඇඟේ ගාගන්නේ නැතිව මේ පාර අපි සුද්ද කරනම්… අනුර කියයි!

by editor
අගෝස්තු 25, 2024 - Updated on අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරන ජනතාව මත හෙළා ඇති මහා ආර්ථික සහ සමාජ පීඩනය තුරන් කරන ජනතාවට අහිමි කළ ජීවිතය යළි ලබා දෙන ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක රටෙන් ඉල්ලා සිටියේය. ඒ ගමන සාර්ථක කරගැනීමට යෑමට ඇත්තේ දකින දකින තැන වසුරු හෙළූ ගඳ ගහන මාවතක් බවත් එම අපද්‍රව්‍ය ඇඟේ ගාගන්නේ නැතිව ඉවත් කරගෙන මේ ගමන යන අකාරය ජාතික ජන බලවේගය දන්නා බවත් අනුර කුමාර දිසානායක කීවේය.

ඔහු මේ බව පැවසුවේ අද (25) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ දී  පැවැත්වුන “ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්” කාන්තා රැලිය අමතමිනි.

එම රැළිය අමතමින් ඔහු මේසේ ද පැවසුවේය.

මේ අර්බුදයේ ප්‍රධාන වින්දිතයන් කාන්තාවන්. ඈත ගම්වල ජීවත්වන අම්මගේ අක්කගේ සිට මේ රටේ නරගබදව ජිවත්වන සහෝදරිය දක්වා සියලු දෙනාම දරා ගන්න බැරි පීඩාවකින් පෙළනවා. අපේ රටේ විශාල යුද්ධයක් තිබුණා. උතුරෙ සහ දකුනේ යුද වැන්දඹුවන් පිරිසක් නිර්මාණය වුනා. යුද්ධයෙන් ව්‍යසනයට පත් කාන්තාවන් තවමත් උතුරේත් දකුණේත් ඉන්නවා. උතුරේ අම්මා තමන්ගේ අහිමි වූ දරුවාගේ ස්වාමියාගේ ඡායාරූපය තියාගෙන පාරේ කොච්චර අඬනව ද වැලපෙනවද. පුතා අහිමි වූ අම්මලා පාර්ලිමේන්තුවේ සොහොන ඉස්සරහා තමන්ගේ දරුවන්ගේ නම සොයනවා අඬමින්. යුද්ධයේ ප්‍රධාන වින්දිතයන් කාන්තාවන්.

සමාජයෙ වැඩිම පීඩාවට පත් වන්නේ කාන්තාව. දැනට වාර්තා වී ඇති ආකාරයට විවාහක කාන්තාවන්ගෙන් සියයට 20ක ප්‍රමාණයක් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට මුහුණ දීලා තියනවා. නිරන්තරයෙන් පහරදිමට ලක් වෙනවා. කොන් කිරිමට ලක් වෙනවා. ගෘහය කියන්නේ හැමටම සතුට දෙන තැනක්. බොහෝ විට ගෘහය කාන්තාවට වේදනාවක් දෙන තැනක්

පොදු ප්‍රවාහනයේ දී පොදු වැසිකිලි පද්ධත්යක් හොයා ගනිද්දි කාන්තාව මොන තරම් අසරණ අඩියකට පත් වෙනවද . ක්ෂුද්‍රමූල්‍ය ණය ලබා ගත් අය ජීවිතය අහිමි කරන මට්ටමට පත් කරලා තියනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවන්ට අත්පත් නොවීමට දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන්
දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. දරුවන්ට අත්වී තියන ඉරණම මොකක්ද. මත් කුඩු මත්ද්‍රව්‍ය අපචාරවලට මුහුණ දෙනවා. දරුවා ඇස් ඉදිරිපිට විනාශ වෙනවා. කාන්තාව මේ සමාජ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වෙලා තියනවා.

අප ඉදිරියේ පාරවල් දෙකක් තියනවා. මේක මේ විදිහටම යන්න දෙනවද. එක්කො මේ වේදනාව දරා ගනිමින් අවසානය කරා යන්න පුලුවන්. ඉවසන්න පුලුවන්. දරාගන්න පුලුවන්. මිය යන තෙක් පිඩාවෙන් ඉන්න පුලුවන්. ඒක එක් තෝරා ගැනීමක්.

එහෙම නැතිනම් එක වතාවක් හෝ අප පොර බදන්න ඕන නැද්ද ජීවිතය හොයාගෙන. සැප්තැම්බර් මාසයේ 21 වැනිදා කියන්නේ ඔබගේ ජීවිතය සොයා ගැනිම සඳහා කරන පොරදබැදීමක් . ඒ වෙනුවෙන් අන් හැම දෙනාටත් වඩා විශාල කාර්යයක් වගකීමක් ඔබට තියනවා කියලා අප විශ්වාස කරනවා.

ප්‍රතිවිරුද්ධ පාර්ශවවල පරාජය නළලේ කෙටූ මොහොත

ඒ වගේම තමයි අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්. අප විවිධ වැඩ කරමින් ආවා. අප උද්ඝෝෂණ කරලා තියනවා. රැස්වීම් කරලා තියනවා. විවිධ කණ්ඩායම් මුණ ගැහිලා තියනවා. විවිධ කණ්ඩායම් එක්ක දේශපාලනය කරලා තියනවා. හැබැයි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 30 වැනිදා අපි පටන් ගත්තා කාන්තාවන්ගේ නැගී සිටීම සහ කාන්තාවන් ඒකරාශී කිරීම. මාතරෙන් පටන් ගත්ත ඒ ව්‍යායාමය රට පුරා විසිරී පැතිරී හිටපු දුක් විඳින අම්මලා සහෝදරියන් දරුවන් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබලා මහා සුනාමියක් වගේ එකතු වෙන්න පටන් ගත්තා

ඒ කොච්චරද කියනවා නම් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය බය වුනෙත් අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ගේ පරාජය නළලේ කෙටුවේත් ඔබේ නැගී සිටීම කියලා අප විශ්වාස කරනවා. ප්‍රතිවිරුද්ධ පාර්ශවය කලබලයට පත් කළා. අනෙක් පැත්තෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පරාජය නළලෙ කෙටුවා. මේක තමයි ඇත්තම කතාව.

තව ටික දවසක් තියෙන්නේ. මේ ආරම්භ කරපු ගමන අතරමැද නතර කරන්නෙ නැතිව මේ ආරම්භ කරපු ගමන අතරමැද අඩාල කරන්නේ නැතිව, මේ ආරම්භ කරපු ගමන සුළු ජයග්‍රහණයකින් කෙළවර කරන්නෙ නැතිව ආරම්භ කරපු ගමන විජයග්‍රහණයකින් කෙළවර කරන්න එකතු වෙමු කියලා මා ඉල්ලා සිටිනවා.

ඇයි… ඔබට අපට පැවරි තියෙන්නේ එක කාර්යයක්. ඔබට අපට තියෙන්නේ එක අරමුණක්. ඒ වෙනුවෙන් මුළු රටම එක මිටට ගැට ගහලා තියනවා. පොදු ජනතාවගේ ජීවිතයත් අපේ අම්මගේ සහෝදරියගේ ජීවිතය වෙනස් කරන්න ඕන. සැප්තැම්බර් 21 කියන්නේ මේ වැඩේ අවසානය නෙමෙයි. සැප්තැම්බර් 21 තමයි මේ වැඩේ පටන් ගන්න දිනය. අපි ඉතාම සැලසුම් සහගතව පියවරෙන් පියවර මේ රටේ ජනතාව වෙලී තියන මේ දුගී තත්ත්වයෙන් මේ රටේ ජනතාව ගිලී තියන ඛේදවාචකයෙන් මුදවා ගැනීමේ වගකීම අපි බාරගන්න සූදානම්… පියවරින් පියවර.

  • උරුලෑවා ගිය පාර ඇඟේ ගාගන්නෙ නැතිව සුද්ද කරන හැටි

    නීතියේ ආධිපත්‍යය සහ විධානය තහවුරු කිරීම

ගොඩක් තියනවා වැඩ කරන්න. ගොඩක් වැඩ කරන්න කලින් තව දෙයක් තියනවා… අපට හම්බෙවලා තියෙන්නෙ උරුලෑවා ගිය පාරක්. හැම තැනම ගඳයි. හැම තැනම පහුරු ගාලා. දකින දකින තැන වසුරු හෙළලා. ජාතික ජන බලවේයේ ආණ්ඩුව ඇඟේ ගාගන්නේ නැතිව පියවරින් පියවර සුද්ද කරනවා.

පටන් ගන්නේ කොතැනින්න ද?. ඕනැම රටක සමාජයක් පවතින්නේ නිති මතම නෙමෙයි. හැබැයි නිති කඩාගෙන වැටුනොත් සියල්ල නැතිව යනවා. සමජයක මුළු ස්ථාවරයම රඳා පවතින්නේ නීති මතම නොවන බව අපි දන්නවා. නීති මත රීතිමත, ඇදහිලිමත, විශ්වාසයන් මත තමයි ඒ මොහොතේ සමාජය පවතින්නේ. නීිති ඒකේ විශාල කොටසක් කරනවා. රීති ඒ වැඩ කොටසට විශාල පිටුබලයක් දෙනවා. සමප්‍රදායන් ඇදහිලි විශ්වාසයන් සමාජයක් ඒකමතික භාවයට ගේනවා.

හැබැයි සම්ප්‍රදායන් ප්‍රමුඛ කරන් නෙමෙයි රටක් පවතින්නෙ. රටක් පවතින්නේ නීතිය ප්‍රමුඛ කරගෙන. අනෙක් සියල්ලම සාර්ථක වුනත් ප්‍රමාණවත් නෑ නීතිය සාර්ථක නොවී. ඔබගේ ආරක්ෂාව, ඔබගේ අයිතිවාසිකම් සියල්ල නීතිය තුළ ගැබ් වී තිබෙනවා. අපි පළමු කොටම නීතියේ විධානයට ආධිපත්‍යයයට යටත් රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් නිර්මාණය කරනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ළමා අපචාර වැඩි වී තිබෙනවා. ස්ත්‍රී දූෂණයන් වැඩි වී තිබෙනවා. සමාජ අපරාධයන් වැඩි වී තියනවා. මේක පටන් අරන් තියෙන්නේ සම්ප්‍රදායන්ට බර කරලා නෙමෙයි. මේක පටන් අරන් තියෙන්නෙ විශ්වාසයන්ට බර කරලා නෙමෙයි. මේක පටන් අරන් තියෙන්නේ නීතිය කෙරෙහි පොදු ජනතාවගේ විශ්වාසය හදලා. මතක තියාගන්න. නීතියට සමාජයේ ස්ථාවර භාවය හදනවා බියටයි ලජ්ජාවටයි කියන කරුනු දෙකටම.

එකක් නීතියට බිය වෙන්න ඕන. අපේ රටේ නීතියට බය නෑ. මහා පාස්තු ප්‍රහාරයන් සිදුකරලා ජනාධිපති පුටුවෙත් වාඩි වෙන්න පුලුවන්නම් මොකට ද නීතියට බය වෙන්නේ. මහා මූල්‍ය අපරාධ කරලා පාර්ලිමේන්තුවෙත් ඉන්න පුලුවන්නම් මොකට ද නීතියට බය වෙන්නේ. මහා කප්පම් අරගෙන පාර්ලිමේන්තු අමාත්‍ය ධූර දරන්නත් පුලුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ.

ඒ නිසා පළමු කොටම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා. ඒක ඇතුළෙ තමයි කුඩු පාතාලය අපරාධ මැඩ පැවැත්වීම ගැබ් වී තිබෙන්නේ නීතියට පණ දීම ඇතුළෙ. නීතියට පණ දෙන්නේ නැතිව කුඩු නතරකරන්න බෑ. අපරාධ නැති කරන්න බෑ. පාතාලය නතර කරන්න බෑ

අපි හොඳටම දන්නවා. 70 දශකයේ අපේ රටේ තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නෙමෙයි. අපරාධාරයත් ඔහුගේ. තුවක්කුවත් ඔහුගේ. අපරාධය කරන්න එයාම යන්න ඕන. අද කොතැනද තියෙන්නේ. හිර ගෙදර ඉඳන් කුඩු විකුණන්න පුලුවන්. ඩුබායි ඉඳන් මෙහෙ ඝාතනයන් කරන්න පුලුවන්. මොකක්ද මේ තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ. අද අපේ රට සංවිධානාත්මක අපරාධකල්ලිවල ග්‍රහණයට අපේ රට පත් වෙලා තියනවා. ඒකේ ගොදුරු බවට තමයි ඔබේ දරුවා පත් වි තිබෙන්නේ. මැඩ පවත්වන්න ඕන නැද්ද.

ඔය කවුරු බය වුනත් කවුරු යටත් වුනත් ජාතික ජන බලවේගය සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වලා රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා. දරුවො ගැන බිය නැති, දරුවන්ගේ අනාගතය ගැන බිය නැති අනාගතයක් අපි ආරම්භයේ දී හදනවා.

  • අධ්‍යාපනය

දෙවනුව දරුවන්ගේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනය ගත්තොත් අපේ දුප්පත් භාවයේ රේඛාව අධ්‍යාපනයේ රේඛාවයි එකට තියෙන්නෙ. දුප්පත් නම් නූගත්. නූගත් නම් දුප්පත්. අධ්‍යාපනයයි අපරාධයි අතර සම්බන්ධයක් තියනවා. රිමාන්ඩ් භාරයට පත් වුන අයගෙන් සියයට අසූ පහක් 8 පන්තියට යටින්. 2021අවුරුද්දේ දත්ත. දෙමව්පියන්ගේ දරුවන් පිළිබඳ බලාපොරොත්තුවයි, බලාපොරොත්තු කඩවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධයක් තියනවා. දෙමව්පියන් විශාල වෙහෙසක් දරනවා දරුවන්ට උගන්වන්න. නමුත් අසාර්ථක වෙනවා. දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිඳවැටෙනවා.

මේ සියල්ල දෙස කල්පනා කරලා අපේ ආණ්ඩුවෙ ප්‍රමුඛ තැන තමයි අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනයේ විෂමතාවය අප තුරන් කරනවා. අම්මලා පාන්දර නැගිටලා දරුවට ඇහැරවලා කෑම හදලා නැවත නිදාගන්න දරුවා ඇහැරවලා ඇස් පියාගෙන ඉන්න දරුවගේ මූණ හොදවලා පාසල් වෑන් එකට පටවන එක නතර කරනවා. වෑන් එකට නගිනවා නෙමෙයි. පටවනවා. මොන ජීවිතයක් ද. පාසල් පද්ධතියේ තියන විෂමතාවය ඉවත් කරලා සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකි පාසලක් නිර්මාණය කරනවා. ඕනෑම දරුවෙකුට පාසලක් වෙත යන්න පුලුවන් උපරිම දුර කිලෝ මීටර 3යි. ලෝකයේ හැටි එහෙම තමයි.

ජපානය වගේ රටක් ගත්තොත්, හදිස්සියෙ එයාගේ පදිංචිය මාරු උනොත් අලුතින් පදිංචි වෙන තැනට දරුවා දානවා. එතනින් මාරු වුනොත් ඊලඟ පදිංචියට යන තැන දරුවා දානවා. අපේ පදිංචිය මාරු කරනවා දරුවා දාන්න.

මම දන්නවා හම්බන්තොට පැත්තේ අය පදිංචිය මාරු කරනවා මාතරට දරුවා දාන්න. මොනරාගල පැත්තේ අය පදිංචිය මාරු කරනවා බදුල්ලට දරුවා දාන්න. ඉස්කෝලයක් හොයා ගන්න. ඒ නිසා මතක තියාගන්න පාසල් පද්ධතියේ තියන විෂමතාව තුරන් කරලා සෑම දරුවෙකුටම පහසුකම් සහිත පාසලක් ආසන්නයේම නිර්මාණය කරනවා දෙමව්පියන් මතත් දරුවන් මතත් මේ පැටවී තියන බර වෙනස් කරනවා.

මේ අධ්‍යාපනය පැතිරී තියෙන්නේ ඒක රේඛීය පාරක. පළවෙන් පන්තියට භාර දෙනවා. සාමාන්‍ය පෙළ පාස් කරනවා. උසස් පෙළට විද්‍යා ගණිත කරනවා. දොස්තර කරනවා. ඉංජිනේරුවා කරනවා. ඒකම පාරයි. කාගෙන් ඇහුවත් කියන්නෙ මොකක්ද, මගේ දරුවා වෛද්‍යවරයක් කිරීම ඒකායන පාරමාර්ථයයි. පහුගිය අවුරුද්දේ තුන් ලක්ෂ විසි දාහක් පළමු පන්තියට ඇතුළත් වුනා. වෛද්‍ය පීඨයට ගන්නේ උපරිම 2000යි.

අපි 10 වසරේ තේරීමේ විභාගයක් පවත්වලා පන්ති භාර ගුරුතුමියගේ නිර්දේශ දරුවාගේ කැමැත්ත, දෙමව්පියන්ගේ කැමැත්ත මත දරුවා පැතිරුණ අධ්‍යාපනය මාවතකට යොමු කරනවා. තව පැතිරුණ පාරවල් ගොඩාක් තියනවා ඉදිරියට යන්න. අධ්‍යාපනය කියන්නේ පැතිරුණ පාරවල් ගොඩක්. අපි එක දරුවෙක්වත් පාසලින් එළියට වැටෙන්න දෙන්නෙ නෑ අධ්‍යාපනයෙන් හෝ වාත්තියමය පදනමක ඉදිරි ගමනක් නැතිව. හැම දරුවම පාසලට එනවා. එක්කකො එයාට අධ්‍යාපන පාරක් තියනවා ඉස්සරහට යන්න. එක්කො වෘත්තිමය පාරක් තියනවා ඉස්සරහට යන්න. එක දරුවෙක්වත් අත් නොහැරෙන අධ්‍යාපනයක් හදනවා. අද අපේ අම්මලා අක්කලා මුහුණ දී ඇති ඛේදවාචකයේ දරුවන් පිළිබඳ කොටස අපි එතනින් නිදහස් කරලා තියනවා

  • ආර්ථිකය – ලොකුම කතාව හෙට…

ආර්ථිකයේ පංගුවත් විසදන්නත් ඕන. අපි රටක් විදිහට දුප්පත්. ආණ්ඩුවත් දුප්පත්. ජනතාවත් දුප්පත්. ණය ගෙවා ගන්න බැරි රටක්. බෙහෙත් ටික ගෙන්නවා ගන්න බැරි රටක්. රට වටේ මුහුද තිබ්බත් ලුණු ටික හදාගන්න බැරි රටක්. රටක් හැටියට අපි දුප්පත්. රටේ ජනතාවටත් වඩා ආණ්ඩුව දුප්පත්. ඒ දුප්පත් වීමේ ඛේදවාචකය ඔබගේ ජීවිතය මත හෙළලා තියනවා. කුස්සියට ගියාට පස්සේ දුප්පත් භාවයේ ඉරණම පෙන්වනවා කුස්සියේ දි. කඩේට ගියාට පස්සේ රටේ දුප්පත් කම. විශාලම ඛේදවාචකය මේ දුප්පත්කම.

අපි පියවරින් පියවර පෙළ ගස්වලා තියනවා රට පොහොසත් කරන ආකාරය. ඒ සැලැස්ම අපි හදලා තියනවා. ඒක එක රැයෙන් නිර්මාණය වෙන්නෙ නෑ. අපි පියවරින් පියවර මේ ආර්ථිකය පොහොසත් කරන්නම්. ඔබගේ ජිවිතය නගා සිටුවීමේ සැලසුමක් හදන්නම්.

ඒක ගැන දැන් කියන්නෙ නෑ. ඒක ගැන කියන්න ලොකුම කතාව තියෙන්නේ හෙට. හෙට වැඩපිළිවෙළ එළි දක්වනවා. එතනදි අපි කියන්නම් මොක්ක ද අපි කරන්නෙ කියලා.

සමස්ථය කැටි කරලා මෙහෙම ඔබට කියන්නම්. අපි ඔක්කොම ඔබට ජීවිතය දෙන්නම්. අහිමි වී ඇති ජිවිතය ලබා ගැනීම සඳහා අපි එකට පොරබදමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යළි යළිත් අසාර්ථක වෙද්දී ක්‍රීඩකයින් කණ්ඩායම තුළ කොන්ක්‍රීට් කිරීම කළ යුතු ද?…

Next Post

ජනතාව රවටා රට විනාශ කරන්න එපා… IMF සම්බන්ධව විවාදකට එන්න… ජනපති අනුරටයි සජිත්ටයි අභියෝග කරයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.