අත්වැරදීමකින් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ ටෙලර් යන්ත්‍රයේ සිය ඒ.ටී.එම්. කාර්ඩ්පත දමා ගිය පුද්ගලයෙකුගේ කාඩ් පතින් රුපියල් 10 000ට අධික මුලක් වංචනික ලෙස ලබා ගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමක වරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනුම් හිමි කරුට කාර්ඩ්පත ටෙලර් යන්ත්‍රයේ අමතකව ගොස් ඇත්තේ පසුගිය 26 වෙනිදා බවත්, ගිනුම් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණයකට අනුව කළ පරීක්ෂණයක දී නිවැරදිව සැකකරු හඳුනාගත් බවත් බොරැල්ල පොලිසිය කියයි. සැකකරු කොටු වී ඇත්තේ බොරැල්ල ඉන්ධන පිරවුම්හලකින් එම කාර්ඩ් පත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට යෑමේ දී වාර්තා වුණු සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙනි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා මරදාන පදිංචිකරුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්න බවත් බොරැල්ල පොලිසිය කියයි.