බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනීතිකව එකලස් කළ ජොනීට අයත් BMW රථයක් හිල්ටන් රථගාලෙන් සොයා ගනී… පරීක්ෂණ අධිකරණය ඉදිරියේ… ජොනීට විදෙස් ගමන් තහනමක්!

by editor
ඔක්තෝබර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපතිවරණයට දින කීපයකට පෙර රියදුරෙක් අතේ  හොර  වාහනය හිල්ටන් රථ ගාලට එවලා…

බදු වංචා කරමින් නීති විරෝධීව මෙරට තුළ එකලස් කරන ලද ලියාපදිංචි නොකර තමන් සන්තයේ තබා ගත් අධි සුඛෝපභෝගී BMW රථයක් වෙනත් පුද්ගලයෙකුගෙන් සොකරම් කරන ලද ගරාජ් අංක තහඩුවක් සවි කර කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ රහසිගත ලෙස සඟවා තැබීමට උත්සාහ කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පැටිකිරිය අද (10) යළිත් වරක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී දිගහැරුණේය.

පැමිණිල්ල අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන මුල්ම අවස්ථාවේදීම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අද අධිකරණයේ දි හෙළි වූ සම්පූර්ණ සිද්ධිය මෙසේය.

කොළඹ හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැක කටයුතු ලෙස නවතා තිබූ නවීන BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබිනි.

ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. නිලධාරීහු ලැබෙන තොරතුර මත හිල්ටන් රථ ගාලට ගියහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

තොරතුර නිවැරදිය. wp c 24-0430 දරන ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හෝටලයේ වාහන අංගනයේ නවත්වා තිබී නිලධාරීන්ට හමුවිය.

විමර්ශන නිලධාරීන් අදාල BMW රථය පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් කළ විමසීමේ දි ඔහු කීවේ හෝටලේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණි අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින අදාල මෝටර් රථය එම ස්ථානයට ගෙනැවිත් නැවැත්වූ බවය.

විමර්ශන නිලධාරීහු ගාමිණි අබේරත්න සොයා ගියහ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දි ඔහු පැවසුවේ එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බවත් පසුව ගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර මෝටර් රථය රියදුරෙක් අත හෝටලයට එවූ බවත්ය.

අනතුරුව විමර්ශන නිලධාරීන්ට වාහනයේ යතුර ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් යොදවනු ලබන්නේ එම හෝටලයේ ආපනශාලා කළමනාකාරිය ලෙස කටයුතු කල ප්‍රශිලා සමන්තිය. ඇය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දී විමර්ශන නිලධාරීහු කාර් රථයේ යුතුර ගෙන්වා ගත්හ.

මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියවිලි කීපයක් BMW රථයේ තිබී විමර්ශන නිලධාරීන්ට හමුවිය. එහෙත් මෝටර් රථය ලියාපදිංචියට අදාල කිසිදු ලේඛනයක් එහි තිබුණේ නැත.

අනතුරුව විමර්ශන නිලධාරින් විසින් BMW රථයේ ගරාජ් අංකය වන wp c 24-0430 දරන අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කළේය. එම අංකයේ හිමිකාරිත්වය ලෙස සටහන්ව තිබුනේ නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකි.

පසුව විමර්ශන නිලධාරීහු එම සමාගමේ හිමිකරුගෙන් ප්‍රශ්න කළහ. ඔහු පැවසුවේ එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේ දී මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබා ගත්ත ද තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබිය දී කිසියම් තැනැත්තෙක් එම අංක තහඩුව සොරාගෙන ගොස් තිබූ බවය.

පසුව එම ගරාජ් අංකයට අදාල චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේ දී එම චැසි අංකයට අදාල වාහනයක් නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව තහවුරු වුනේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලිම මත රස පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර් රථය පරීක්ෂාවට ලක් කළේය. එහිදී අනාවරණය වන්නේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවය.

විමර්ශන නිලධාරීන් මේ සිද්ධිය අද සවිස්තව අධිකරණයට වාර්තා කළේය.

ඔවුන් අධිකරණයට පැවසුවේ බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථය ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිතා කිරීම, සොරා ගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවි කිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත් අඩංගුවට ගන්නා ලද මෝටර් රතයේ සවි කර නීති විරෝධී භාවිතය යන වරද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකර ඇති බවය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විදසේ ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පවරනු ලැබුවේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණ දෙන නිලධාරී ජනපති හමු වෙයි!

Next Post

අවුරුදු 25දී ඔස්ට්‍රේලියාවේ මිලියනපතියෙකු වූ ශ්‍රී ලාංකිකයා තරුණයා ගැන බීබීසී කියන කතාව1

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.