කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් සිය හිඟ වැටුප් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කළ බවට චෝදනා එල්ල කළ වැඩ තහනමට ලක් කළ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ අත්හිටවූ වැටුප් 2022 ජූලි 10 වැනිදාට පෙර පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ එකඟ විය.
එම හිඟ වැටුප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය ෂාෆි සහාබ්දීන් නමින් විසි හය ලක්ෂ හැත්තෑ දහසකට අධික වටිනාකමක් සහිත චෙක්පතක් නිකුත් කර තිබිණි. රටේ හිඟ වී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා වෛද්‍ය ෂාෆි විසින් එම මුදල පරිත්‍යාග තර තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නීති විරෝධී වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සිහාබ්දීන් මහතා අනිවාර්ය නිවාඩු යැව්වේය.
කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වන්ධ්‍යාකරණය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි..
වෛද්‍ය සිහාබ්දීන්ට නීති විරෝධී ලෙස ධනය රැස්කිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරිෂ 2019 ජූලි මාසයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.
පසුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ඇප මත මුදා හැරියේය.
Discussion about this post