මීට පැය කීපයකට පෙර කඳුළුගෑස් ගසා පලවා හරින ලද සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණයට එක් වූ සරසවි සිසුහු යළි පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රධාන ප්රවේශයක්වන දියත උයන අසල පොල්දූව මංසන්ධිය ආශ්රිත ප්‍රදේශයේ ගෝඨාගෝගම නවතම ගම්මාන මාදිලිය වන හොරුගෝගම නිර්මාණය කරමින් සිටිති.
පොලිසිය විසින්ම විරෝධතාකරුවන් පාලනය කිරිමට බාධක සඳහා යොදාගෙන තිබූ ජීඅයි පයිප්ප ගලවාගෙන මේ තරුණ කණ්ඩායම් මේ වනවිට හොරුගෝගමේ අට්ටාල ඉදිකරමින් ඇත.
මේ තරුණ පිරිස වෙනුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට ප්‍රදේශවාසීහු ආහාර ජලය හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයමින් සිටිති.
මෙම තරුණ පිරිස හොරුගෝගම නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව දකිමින් වීම විශේෂයකි. මේ වනවිට ජනාධිපතිලේකම් කාර්යාල අසල ගෝඨාගෝගමත්, අරලියගහමන්දිරය අසල මයිනාගෝගමත් ඉදි වී තිබේ.
ගෝඨාගෝගමේ ශාඛා ලංකාව වටේම 180කට ආසන්න ප්‍රමාණයක් ඉදිවී ඇති අතර ලෝකය වටා ගෝඨාගෝගමේ ශාඛා ඉදිවී ඇත. අද පැරිසියේත් ගෝඨාගෝගමක් විවෘත විය.
කෙසේ වෙතත් අද රජය පාර්ලිමේන්තුව තුළ ස්ථාවර වීම සඳහා සිය බහුතරය රටට පෙන්වා සිටියේය.
හොරුගෝගම හැදෙන හැටි…









