සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්වාර පාලනයේ වගකීම භාරගන්න නොබෙල් සාම ත්‍යාග ලාභී මහමුද් යූනුස් බංගලාදේශයට යළි පැමිණෙයි!

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අද (08) නව අන්තර්වාර රජයක් මෙහෙයවීම සඳහා බංග්ලාදේශයට ආපසු පැමිණියේ ය. ඒ සති කිහිපයක කැලඹිලි සහිත ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා යාමට පසුය.

හසීනාගේ දැඩි විවේචකයෙකු වන 84 හැවිරිදි යුනුස්, නව නායකයෙකු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීමේ වගකීම පැවරී ඇති අන්තර්වාර ආන්ඩුවක ප්‍රධාන භූමිකාව සඳහා  යෝජනා කරන්නේ විරෝධතා කරුවන් විසිනි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීමෙන් අනතුරුව පැරිසියේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු මහමුද් යූනුස් ඩකා වෙත පැමිණියේය. එහිදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශිෂ්‍ය නායකයින් ඔහුව පිළිගත්හ.
ශිෂ්‍ය විරෝධතාකරුවන් රට බේරා ගත් බවත් දැන් ඒ ලබා ගත් නිදහස ආරක්ෂා කළ යුතු බවත් කියමින් ඔහු පැවසුවේ “අපේ සිසුන් අපට පෙන්වූ මාර්ගය කුමක් වුවත් අපි ඒ සමඟ ඉදිරියට යමු” යනුවෙනි.

“ඉතා සුන්දර ජාතියක් බවට පත්වීමේ හැකියාවක් අපට තිබෙනවා, දැන් නැවතත් අපට නැගී සිටිය යුතුයි. මෙහි සිටින රජයේ නිලධාරීන්ට සහ ආරක්ෂක ප්‍රධානීන්ට – අපි පවුලක්, අපි එකට ඉදිරියට යා යුතුයි.”   ආර්ථික විද්‍යාඥයා ගුවන් තොටුපළේදී පැවසුවේය.

යුනුස් ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්ගේ නිල නිවසේ දී අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතය. වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ උපදේශක කණ්ඩායමේ ප්‍රධානියා ය.

මිනිසුන් 300ක් පමණ මිය ගිය සහ දහස් ගණනකට තුවාල සිදු කළ සති කිහිපයක ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු සඳුදා ඉල්ලා අස්වීමෙන් පසු පලාගිය හසීනාගේ අවාමි ලීග් පක්ෂය අන්තර්වාර ආන්ඩුව තුළට කැඳවා නැත. එහෙත් ෆේස් බුක් සටහනක් තබමින් ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි කියා සිටියේ පක්ෂය දේශපාලනය අත් නොහළ බවත්, විරුද්ධවාදීන් සහ අන්තර්වාර රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.

“මගේ පවුල තවදුරටත් දේශපාලනයට සම්බන්ධ නොවන බව මා කීවා.., නමුත් අපගේ පක්ෂ නායකයින්ට සහ පාක්ෂිකයින්ට පහර දෙන ආකාරය අපට අත්හැරිය නොහැකියිතතත,” ඔහු බදාදා පැවසීය.

“දුප්පතුන්ගේ බැංකුකරු” ලෙසින් හැඳින්වෙන යුනුස්, 2006 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලැබුවේ අවශ්‍යතා ඇති ණය ගැතියන්ට කුඩා ණය ලබා දීමෙන් දිළිඳුකමට එරෙහි සටනට පුරෝගාමී වූ බැංකුවක් ආරම්භ කිරීම වෙනුවෙන් ය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

හසීනා පලාගිය පසු ඉන්දිය විරෝධය –

ජනවාරි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පසුගිය වසර 30 න් 20 ක් පාලනය කළ හසීනා රටින් පලා යාම, ප්‍රීති ඝෝෂා සහ ප්‍රචණ්ඩත්වය ඇති කළේ, සෙනඟ කඩා වැදී ඇගේ නිල නිවස කොල්ලකෑමෙනි.

ඇය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අසල ගුවන් කඳවුරක නවාතැන් ගෙන සිටින්නී ය. හසීනාට ලැබෙන ඉන්දීය රැකවරණය අනුව යුනුස් සිදුකළ ඉන්දීය විරෝධී ප්‍රකාශයන්   දැන් බංග්ලාදේශ ජාතිකයින් අතර ඉන්දියාව කෙරෙහි කෝපයක් ඇතිකර තිබේ.

හසීනාගේ පරම ප්‍රතිවාදියා සහ බීඑන්පී නායිකා 78 හැවිරිදි ඛලීඩා සියා, නිවාස අඩස්සියේ සිට නිදහස් වූ පසු ඊයේ (07) පැවති රැළියකදී සිය ගණනක් ආධාරකරුවන් වෙත සිය රෝහල් ඇඳේ සිට වීඩියෝ දේශනයකදී කීවේ සන්සුන්වන ලෙසය. ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

BNP මාස තුනකින් මැතිවරණයක් ඉල්ලා සිටි බව ද ඇය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි කර්මාන්තයට සම්බන්ධ පිරිස් වැලි ගොඩ දැමීම නවත්වා පරිසරය පවිත්‍ර කරපු මෙහෙයුම…

Next Post

අශීලාචාර හැසිරීම නිසා ඔලිම්පික් ගම්මානයෙන් පළවාහළ පැරගුවේ දිය කිඳුරිය…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.