කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දූරස්ථ ක්‍රම මඟින් වුව ද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/06/21වන දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවේ මේ වනවිට ක්‍රියාත්මක අන්තර්ජාල අධ්‍යාපනය සඳහා රටේ දරුවන්ගෙන් 12%ක් හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයකට බලපා ඇති බවය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මඟින්, ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන ලෙස පසුගිය 17වන දින සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දුන් බව ඇමතිවරයා කීවේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය එක්ව මේ වනවිට සැලසුම්කොට ඇති බව ඔහු පැවසුවේය.
ඒ අනුව එම මධ්‍යස්ථාන හඳුනාගැනීම මේ වනවිට සිදුවෙමින් ඇති බවත්, උදෑසන 7 සිට ප.ව. 3.00 දක්වා එම මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.
“එම මධ්‍යස්ථානයක පරිගණක, ලැප්‍ටොප් පරිගණක සහ ටැබ් පරිගණක 10කින්වත් සමන්විත විය යුතු යි. එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සම්බන්ධීකරණය කලාප මට්ටමින් ද නියාමනය හා මඟ පෙන්වීම පළාත් මට්ටමින් ද සිදුකරමින් මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙනවා.“ ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.