අඹන්පොළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යසථානයේ සිදු වූ දෙවැනි කොවිඩ් මරණය ඊයේ උදෑසන දහයේ සිට රෝහලේ තැන්පත් කර ඇති බවත් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ නොමැති නිසා බරපතල සෞඛ්‍ය අනතුරක් නිර්මාණය වෙමින් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මියගොස් තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
දැනට පැය 24කට වඩා දේහය අධිශීතකරණ නැති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් අදාල බලධාරින් දැනුවත් කළද මේ වනතුරුත් දේහය ආදාහනය කර නැති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.