පවතින අධික උෂ්ණත්වය දරා ගත නොහැකිව තාප කම්පනයට ලක් වීමෙන් මිය ගියා යැයි සැක කරන පුද්ගලයෙක් එප්පාවල , මැඩියාව ,යාය 2 ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඔහු 81 හැවිරිදි තිදරු පියෙකි.
අධික උෂ්ණත්වය නිසා මියගියා යැයි සැක කෙරෙන මෙවැනි පුද්ගල මරණ තුනක් විවිධ ප්‍රදේශවලින් මේ වන විට වාර්තා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පවතින උෂ්ණත්වය ට මුහුණ දීමට තාප ශක්තිය අවම වන පරිදි සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් පැලදිය යුතු බවය.
එසේම අධික මහන්සියෙන් යුතු රාජකාරිවල නියැලීම නොසුදුසු බවත් ,සම්පූර්ණයෙන් මේ තත්වය පහව යන්නේ මැයි 20න් පසු බලාපොරොත්තු වන නිරිත දිග මෝසම් කාල පරිච්ඡේදයෙන් පසුව බවත් ඔහු පවසයි.
ස්වර්ණවාහිනී –