අධික උෂ්ණත්වය ගැබිණියන්ට විවිධ සංකූලතා ඇති කිරීමට හේතු වන නිසා වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින්ගේ සංගමය අවධාරණය කරයි.
පවතින අධික උෂ්ණත්වය ගර්භණී කාන්තාවන්, කිරි දෙන මව්වරුන්, ළදරුවන් සහ ළමුන් අතර විවිධ සංකූලතා, එනම් අධික හිසරදය, ක්ලාන්තය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් පවතිනද කියා සිටියේය.
පෙරවරුවේ පවතින අධික උෂ්ණත්වයත සවස් කාලයේදී පවතින අධික වර්ෂාවත් හේතුවෙන් ගැබිනියන්ට හා ළදරුවන්ට සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවද පවසා තිබේ.
එළිමහනේ ගැවසීම අඩු කිරීම හා ජලය වැඩි වශයෙන් පානය කිරීමට පියවර ගත යුතු යැයිද ජනතාවගෙන් ඉල්ලා තිබේ.