2023 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලද පුද්ගල ආදායම් බදු ගෙවීම විනිසුරුවරුන්ගෙන් අය කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
විනිශ්චයකාරවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව 2017 අංක දරණ දේශීය ආදායම් පනතේ නව ආදායම් බදු සංශෝධනවලට අනුව අය කර ගැනීමට නියමිත බදු විනිශ්චයකාරවරුන්ගෙන් අය කර නොගන්නා ලෙසත් 2023 ජනවාරි මාසය සඳහා විනිශ්චයකාරවරුන් ගේ වැටුපින් අඩු කර ගත් ආදායම් බදු අත්තිකාරම් සහිත චෙක්පත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම තාවකාලිකව නවත්වන ලෙසත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංස්කරණ කටයුතු පිළිබඳව අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සියලුම අධිකරණ ගණකාධිකාරීවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත ලිපියක් යොමු කර ඇත.








