බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට බලපෑම් කරන්න එපා… ඡන්දය තියන්න! – කාදිනල් තුමෝ රජයට කියති!

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අධිකරණයට ගරු කරන ලෙසත් ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් වන මැතිවරණය නිසි කලට පවත්වන ලෙසත් කොළඹ අග රදගතුරු අති උතුම් මැලක්ම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද රජයෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද අග රදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සිය අදහස් දක්වමිනි.

පසුගිය අයවැය මගින්  මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා  වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් පසුගිය මාර්තු 03 දා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිවරයාට   නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බව හුවා දක්වමින් ඊට එරෙහිව උසාවියට කරුණු වාර්තා කරන්නැයි  නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විසින්   කතා නායක තුමාගෙන් කළ ඉල්ලීමට   තමන් වහන්සේගේ  බලවත් විරෝධය ප්‍රකාශ  කරන බවත්  කාදිනල් තුමෝ කීහ.

නඩු අංක SCFR 69/2023 දරන එම මූූලික අයිතිවාසිකම් පෙත්සමට දෙන ලද තීන්දුව තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස හුවා දක්වමින් ගරු අධිකරණයට බලපෑමක් කරන්නට කතානායක තුමාගෙන් ඉල්ලා සිටින ඔවුන්ගේ මේ ක්‍රියා දාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව ද උන්වහන්සේ  සඳහන් කළහ.

කාදිනල් තුමා කීවේ එය  නීතියේ ස්වාධිනත්වයට හා ගෞරවයට එල්ල කරන ලද මරු පහරක් බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ  මෙම සුවිශේෂී නියෝගය මගින් අප රටේ දැනටමත් කරුණාතිලක සහ වෙනත් අයෙකුට එරෙහිව දයානන්ද දිසානායකට   ලබා දුන් තීන්දුව ඉතා පැහැදිලිව යළිත් සනාථ කරන බවත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඡන්ද පැවැත්වීම සම්බන්ධව වැදගත්වන ආකාරයත් කාදිනල් තුමා පෙන්වා දුන්නේය.

රටේ ව්‍යවස්ථාව අනුව සැලසුම් කළ ඡන්දයකින්   පුද්ගලයෙකුට තමන්ට කැමති පාලකයෙක් තෝරා ගැනීමේ අයිතිය පැහැදිලිවම සනාථ කර ඇති බව කී කාදිනල් තුමා ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම තැන ඇති ආයතනය බව කීවේය.


“ජනතාවගේ මූලික අයිතියක් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම. ඒ මූලික අයිතිය ප්‍රකාශිතවන එක අවස්ථාවක් තමයි ඡන්දය. ඒ ඡන්දය බලවතුන්ට ඕන විදිහට තියන්න හෝ නොතියා ඉන්න බෑ.”

“  යම් ව්‍යවස්ථාපිත රාමුවක් යටතේ ඡන්දයක් පැවැත්විය යුතු  කාල වකවානුවක් සඳහන් කරලා තියනවා. ඒ කාල වකවානුවලට ඡන්දය තියන්න ඕන. ඡන්දය නොතිබීම, කල් දමන්නට උත්සාහ කිරීම, අරමුදල් ලබා නොදීම, කකුලෙන් ඇදීම වැනි කටයුතු සුදුසු නෑ ප්‍රජාතන්ත්‍රවාදීව කල්පනා කරන මිනිස්සුන්ට.”

“ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඡන්ද තියනවා නොතියයනවා කල් දානවා මුදල් වෙන් කරන්නෙ නෑ   වගේ වැඩවලින් කකුලෙන් ඇඳීම වැරදියි. ඒක අපට පිළිගන්නට බෑ.”

“ මේ ඡන්දය තියන්නට ඕන හේතුවක් තියනවා. දැනටමත් පලාත් පාලන ඡන්ද අවුරුද්දක් විතර කල් ගිහිල්ලා තියෙන්නෙ. තව දිගටම  කල්දාන්න කටයුතු කරනවා මේ රජය. ඒක අපට පිළිගන්න බෑ. “

“රජය මැතිවරණ කොමිසමට අවශ්‍ය ආධාර ලබා දිය යුතුයි නිසි කාලයේ දී ඡන්දය තියන්න. රජයත් මතක තබා ගත යුතුයි ඒ ගොල්ල ඡන්දයකින් ආපු අය කියලා.”

මගේ ප්‍රධාන ඉල්ලීම මේකයි.  ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න යන්න  එපා. ඒක අසාධාරණයක්. ඒක කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු හැම අධිකරණයක්ම නිදහසේ ඒ අයගේ කටයුතු කරගෙන යන්න ඉඩ දිය යුතුයි. එකෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් ආරක්ෂා වෙන්නෙ රටක

Share69Tweet43
Previous Post

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපති “අභිනන්දන” සම්මානයෙන් පිදුම් ලබයි!

Next Post

ජනපති වෘත්තීය වේදීන් සාකච්ඡාවකට කැඳවයි.. 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.