ඊයේ (23) පාසල් අධ්‍යාපන චාරිකාවක ගිය පාසල් සිසුවියන් 17 දෙනෙක් ත්‍රී කුණාමලය තිස්ස නාවික හමුදා ජැටියේ කොන්ක්‍රිට් කොටසක් කඩා වැටී ජලයට ඇද වැටීම හේතුවෙන් සිසුවියන් 14 දෙනෙක් තිස්ස හමුදා රෝහලටත් තවත් සිසුවියන් 03ක් ත්‍රීකුණාමලය මහ රෝහලටත් ඇතුළත් කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ගල්ගමුව වන්නිකුඩාවැව සිරිසඟබෝ මහ විදුහලේ 08 සහ 09 ශ්‍රේණිවල ඉගනුම ලබන සිසු සිසුවියන් 110 දෙනෙක් සහ ගුරුවරුන් 13 දෙනෙක් ත්‍රීකුණාමලය තිස්ස නාවික හමුදා කඳවුර නැරඹීම සඳහා ඊයේ පැමිණ තිබේ.
කඳවුර නැරඹීමෙන් අනතුරුව නාවික හමුදා යාත්‍රා දෙකක් මගින් දරු දැරියන්ට මුහුදු ගමනක අත්දැකීම් ලබා දි නැවත ජැටිය වෙත කැඳවාගෙන පැමිණ තිබේ.
යාත්‍රාවෙන් බැස මෙසේ ජැටියේ රැඳී සිටි සිසුවියන් 17ක් එක්වරම ජැටියේ කොන්ක්‍රීට් කොටසක් බිඳී එම කොන්ක්‍රීට් කොටස සමගම ගැඹුරු ජලයට ඇද වැටී තිබේ.
එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් ජලයට ඇද වටුණු සියලුම දැරියන් ගලවාගෙන ඇත.
අනතුරුව දැරියන් 14 දෙනෙක් ප්‍රතිකාර සඳහා තිස්ස නාවික හමුදා රෝහලටත් තවත් සිසුවියන් තිදෙනෙක් ත්‍රී කුණාමලය රෝහලටත් ඇතුළත් කර තිබේ.
ත්‍රි කුණාමලය වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි…