ශ්‍රියානි විජේසිංහ
මහනුවර නගරය පිරිසිදු කිරිම සඳහා මේ වන විට සහශ්‍ර උයනට ස්වෙච්ඡා කණ්ඩායම් 2000ක් පමණ සහ වාහන 50කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව මහනුවර නගර සභාවේ ජල අපජල ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක සඳහන් කරයි.
අද උදෑසන 9.00 වන විට ගොහාගොඩ කසල අගනය වෙත කසල මෙට්ට්‍රික් ටොන් 528ක් බැහැ කර කර ඇති බවත් තවත් සැලකිය යුතු කසල නගරය ස්ථාන ගණනාවක් රැස්කර තබා ඇති බවත් නාමල් දිසානානයක ලංකාසර වෙත පැවසුවේය.
අද දිනය තුළදි ස්වෙච්ඡා කණ්ඩායම් අතරට සරසවි සිසුන් 200කට අධික සංඛ්‍යාවක් පැමිණ සිටින බවද පෙන්වා දෙන ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතැම් පුද්ගලයින් තමන්ගේ පුද්ගලික වාහන වලට අමතරව කුලී පදනම මත බැකෝ යන්ත්‍ර පවා ගෙනවිත් ඇති බව සඳහන් කළේය.







