අද (23) උදේ 9 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැස්වුණු මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මාධ්‍යයට තහනම් කර තිබේ. මේ අවස්ථාව ආවරණය කිරීමට මෙතෙක් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන් සහභාගී වූයේය.
රටේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට මාධ්‍ය සහභාගී කරගැනීම වාරණය කළ ද මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පවා මාධ්‍යයට විවෘත වුණු පසුබිමක මෙම වාරණය අද නිකුත් වී තිබේ.
ෙඅද පැවැත්වෙන කෘෂිකර්ම කමිටු රැස්වීම සඳහා මාධ්‍යවේදීන් සහභාගීකර නොගන්නා ලෙස පොහොර ලේකම් කාර්යලයේ ප්‍රධානීන් දන්වා ඇතැයි පැවසේ.