කීර්ති ප්‍රනාන්දු –
අද (31) මධ්‍ය රාත්‍රි 12 සිට ඉන්ධන මිල පහළ දමා තිබේ. සංශෝධනය කරන ලද සිල්ලර මිල ගණන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත් කර ඇත.
- ඒ නුව ලංකා පෙට්‍ර්ල් ඔක්ටේන් 92ක ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා තිබේ. පැවති මිල රුපියල් 344කි. නව මිල රුපියල් 332කි.
- ලංකා පෙට්‍ර්ල ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 02කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 379කි. නව මිල රුපියල් 377කි.
- ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 317කි. නව මිල රුපියල් 307කි.
- ලංකා සුපිරි ඩිසල් මිල රුපියල් 03කින් අඩු වි ඇත. පැවති මිල රුපියල් 355කි. නව මිල රුපියල් 352කි.
- ලංකා භූමිතෙල්වල මිල නොවෙනස්ව ඇත. ලීටරයක මිල රුපියල් 202කි.
ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








