ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බව ගෑස් සමාගම් විසින් කළ ඉල්ලීම අනුව ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ( 16) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ වෙළෙඳ අමාත්‍යංශයේදී පවත්වා තිබේ
එහිදී මිල ගණන් පිළිබඳ එකඟතාවයටක පැමිණීමට නොහැකි වීම නිසා අද (16) යළිත් එම සාකච්ඡාව පවත්වා අවසන් එකඟතාවයකට පැමිණීමට තීරණය වී තිබේ.
අදාල සමාගම් විසින් යෝජනා කර ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500 කින් පමණ ඉහළ දැමිය යුතු බවය.