ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) දහවල් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා පලා යන අවස්ථාවේ දී පොලිස් අත් අඩංගුවට පත් වූයේය.
ඒ ල දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී ය.
ඝාතකයාත් පැදිකරුත් යතුරු පැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර පලා යද්දී ඝාතකයා ගිනි අවිය සමගම අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
වෙඩික්කරු වයස අවුරුදු 47ක් වන අයෙකු වන අතර ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙක් වූ කුලී මිනී මරන්නෙක් බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.
මෙම වෙඩික්කරු විසින් ඝාතනය කර තිබුණේ බඩෝවිට දෙවන අදියරේ පදිංචිව සිටි සවිඳු තරිඳු නම් තරුණයෙකි. ඔහු 24 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වූ කොස් මල්ලි නැමැත්තාගේ ගෝලයෙක් බවද පැවසේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරු බඩෝවිට අසංකගේ පාර්ෂවයේ අයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබේ. කොස් මල්ලී සහ බඩෝවිට අසංක අතර දීර්ඝ කාලීනව පවතින ආරවුලක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලීසිය පවසයි.
මෙම දෙපාර්ශ්වය අතර පවතින මෙම ආරවුල හේතුවෙන් මේ වන විට සිදුවූ මරණ සංඛාය 07ක් දක්වා ඉහළ ගොස් තිබේ.







