සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද ගම්පහ රෝහලට තරුණයින් දෙදෙනෙන් විසින් ගෙනා මිය ගිය දැරියගේ ඛේදවාචකයේ සුල මුල හෙළිවෙයි…

එක් තරුණයෙක් මේ දැරිය සමග අඹුසැමියන් ලෙස හැසිරෙමින් ඇය නිවසේ තබාගෙන ඉඳලා...

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Death
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

තරුණයින් දෙදෙනෙක් විසින්  ගම්පහ රෝහලට ඇතුළත් කළ පසු මිය ගිය 15 හැවිරිදි දැරිය  ගම්පහ බෙම්මුල්ල බුලත්ගංගොඩ  පදිංචි දැරියක් බවත් ඇයව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇය සමග  අඹුසැමියන් ලෙස හැසිරෙමින් සිටි 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ යහලුවෙක් බවත්  පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.

දැරිය රෝහලට ඇතුළත් කළ පසු මිය බව දැනගත් වහාම මෙම තරුණයින් දෙදෙනා පලාගොස් තිබිණි.  මේ වනවිට එම තරුණයින් දෙදෙනාත් දැරියව රෝහලට ගෙනා මෝටර් රථයත් අත්අඩංගුවට ගෙන බෙම්මුල්ල පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මියගොස් ඇත්තේ ඉලන්දාරි පේඩිගේ නදිනි ප්‍රියංගනී තත්සරණි නැමැති දරියකි.  මෙම දැරියට වයස අවුරුදු 15 පිරී ඇත්තේ මීට දින කීපයකට පෙරය.

ඇය වයස අවුරුදු 13 දී මනෝජ් ප්‍රියංකර  නැමැති මෙම සැකකාර  තරුණයා සමග රහසේ පැන ගොස් එම තරුණයාගේ නිවසේ ජීවත් වෙමින් සිට තිබේ.  මෙම තරුණයා මත්ද්‍රව්‍ය වැරදි සඳහා චෝදනා ලැබුවෙක් බව පොලිසිය කියයි.  කෙසේ වෙත්ත ඔහු බැකෝ ක්‍රියාකරුවෙක් ලෙස ඒ වනවිට රැකියාවේ නිරත වෙමින් සිට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැරිය රහසේ පැන ගිය පසු  වේයන්ගොඩ පොලිසිය විසින් දැරියත් දැරිය සමග   මෙම තරුණයාත් තරුණයාගේ මවත් අත්අඩංගුවට ගෙන දැරිය පරිවාස භාරයට යොමු කර ඇත. තරුණයාත් ඔහුගේ මවත් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර උසාවියට ඉදිරිපත් කිර තිබේ.

අනතුරුව මෙම දැරිය පරිවාස භාරයෙන් පසුගිය ජනවාරි 31 දා පැන විත් මෙම තරුණයාත් සමග ගම්පහ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වෙමින් ඇත.

අනතුරුව මීට මාස දෙකකට පෙර මෙම දැරියත් සමග ඔහුගේ නිවසට පැමිණ ජීවත් වෙමින් සිට ඇත.

මේ බාල වයස්කාර දැරිය සම්බන්ධව දැරියගේ දෙමව්පියන්, ග්‍රාම සේවක හෝ වෙනත් කිසිම පුද්ගලයෙක් පොලිසිය දැනුම්වත් කර නැති බව පොලිසිය කියයි.

මෙම නිවස තුළ නිරන්තරව අඬ දබර ඇති වී තිබෙන බවත් එම තත්ත්වය තුළ තරුණයාගේ දෙමව්පියන් නිවසේ රැඳී නොසිට ලඟ නිවෙස්වල රැය පහන් කරන බවත්  හෙළි වී ඇත.

ඊයේ රාත්‍රියේ ඇති වූ සිද්ධියකින් අනතුරුව මෙම තරුණයා දැරියට බරපතල ලෙස පහර දී තිබේ. එම පහර දීම නිසා සිහි සුන් වී ඇති දැරිය පහුවදා උදේ 7.30ට පමණ රෝහලට රැගෙන ගොස් ඇත්තේ තරුණයාගේ මිතුරෙකුගේ වාහනයකිනි.

රෝහලට ඇතුළත් කර පසු දැරිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සැල කිරීමත් සමගම මේ දැරිය සමග අඹුසැමියන් ලෙස හැසිරුණ තරුණයාත් ඔහුගේ මිත්‍රයාත් රෝහලින් පලා ගොස් තිබේ.

කෙසේ වෙතත් එසේ පලායන අතර තරුණයා දැරියගේ මව්පියන්ට දුරකථනයෙන් කතා කර දැරිය අසනීප වී රෝහල්ගත කර ඇති බව දන්වා ඇත.   ඔවුන් රෝහලට ගොස් දැරිය හඳුනා ගන්නේ ඉන් පසුවය.

මේ වනවිට දැරිය රෝහලට ගෙන ගිය වාහනය, වාහනය පැදවූ  සැකකාර තරුණයාගේ මිතුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. බෙම්මුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බී.ජේ බණ්ඩාරගේ මූලිකත්වයෙන් මූලික පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වේ. දැරියගේ සිරුර ගම්පහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් සර් ගෙ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත කසිප්පු ඕ.අයි.සී. කාර්ය භාර්යයක් නැතිව නුවරට මාරු කරයි!

Next Post

ධනිෂ්ක ගුණතිලකට ඇප ගන්න ක්‍රිකට් පාලක මණ්ඩලය සම්මාදමේ යයි… ලොකුම පරිත්‍යාගය වනිඳුගෙන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.