ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වනවිට ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය තුළ සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ ලෝටස් පාර ප්‍රවේශය ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් වසා දැමීමය.
මේ වසා දැමීම හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල වූ බව පොලිසිය පවසයි. සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එහි ගොස් ඇත්තේ පැය භාගයක් පමණ පමා වී බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 04 දෙනෙක් ද වන බව පොලිසිය කියයි.
මෙම පිරිස අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට ආරක්ෂක අංශ විසින් ජනාධිපති කාර්යාලය අසලින් ලොටස් පාර මුළුමනින්ම වසා දමා ආරක්ෂාව තර කර ඇත.
Discussion about this post