ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදත් අනෝරා වැස්සක්…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
rain
Share on FacebookShare on Twitter

අද (20) දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පුරොකථනය කරයි.

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

මුහුදේ ස්වරූපය

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බැවින් දිවයිනට ගිනිකොණදිග ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම නිවේදනයේ සඳහන්ය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි නමුත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින එම නිවේදනයේ දැක්වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවට වූ අනතුරු ඇඟවීමක් ද එම නිවේදනයේ වෙයි.

නායේ යෑමේ අනතුරු අඟවීම

ඉකුත් පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර 100 ඉක්මවූ සහ පාංශු ජල දර්ශකය මිලි මීටර 125 ඉක්මවූ බැවින් නාය යාම් පිලිබඳ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් මේ වනවිට මහනුවර යටිනුවර සහ උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරනායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කඳුකර සහ බෑවුම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දෙවැනි මට්ටමේ නායේ යෑමේ අනතුරු ඇඟවීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

තවද පරීක්ෂාකාරීව සිටින ලෙස කෙරෙන පළමු මට්ටමේ නායේ යෑමේ අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කොළම දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසටයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රිික්කයේ උඩුනුවර, දෙල්දොට, උඩපලාත, දොලුව, පාත දුම්බර, පාතහේවාහැට, ගඟ ඉහළ කෝරලේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කැගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,  කුරුනෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල අලව්ව, රිදීගම, සහ මැල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ යටවත්ත, උකුවෙල, පල්ලේපොල, ලග්ගල, නාඋල, අඹන්ගඟ කොරලේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑලිය වළපනේ, අඹගමුව, නෝවුඩ් සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පේ, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නිකුත් කර තිබේ.

මේ වනවිට ජලාශ හතරක් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි. රාජාංගන ජලාශය, සොරබොර ජලාශය, සියඹලන්ගමුව ජලාශය සහ අඹේවෙල ජලාශය මෙසේ වාන් දමමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ගැන කතාවක්… තුරඟ තරග පිටියේ අප දුටුවේ අනාගත රගර් ක්‍රීඩාවේ සහන් එළිය ය…

Next Post

පරිසර ඇමති බබා… ඔහේ නිදි ද?. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් තිස් එකක පවුල් 29000ක් වන අලි නිසා අනාථයි…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.