අද(18) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල මණ්ඩලය කියයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් සැපයීම ආරම්භ වීම නිසා අද විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම මණ්ඩලය කීය.
ඉන්ධන නෙැමැතිකම හේතුවෙන් සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර විය.
එහෙත් එම බලාගාර සඳහා දිනකට අවශ්‍ය ඉන්ධන ධාරිතාව මෙට්‍රික් ටොන් 1500ක් පමණ වේ.
සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් මගින් ද කැලණිතිස්ස බලාගරය ඩීසල් මගින් ද විදුලි ජනනය කරයි.
Discussion about this post