බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරු පාලක මණ්ඩලයට එරෙහිව ෂම්මිලා ගත් අතුරු තහනමට අභියෝග කරන ඇමතිගේ මෝසම විභාගයෙන් 3 වැනි විනිසුරුත් ඉවත් වෙයි!

තුන් වැනි විනිසුරු මඩුල්ලත් නම් කරයි...

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Cricket-case
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව   අත්හිටුවමින්  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා ගොනුකළ පෙත්සමට ලබා දුන්  අතුරු තහනම් නියෝගයට    එරෙහිව  ක්‍රීඩා ඇමතිවරයා විසින් ගොනුකළ මෝසම  විභාගයෙන් තුන්වැනි අභියාචනාධිකරණ  විනිසුරුවරයාත් අද ඉල්ලා අස් වූයේය.

ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ක්‍රීඩා ඇමතිවරයා විසින් ගොනු කර තිබිණි.

සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් මුලින්ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න (නොවැම්බර් 14 වැනිදා) ඉවත් වූයේය.  ඊට හේතුව වූයේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීමට විරෝධතා ගොනු කිරීම නිසාය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය..

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යළි යොමු කෙරුණි.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේය.

අද (16)  මෙම නඩුව කැඳවනු ලැබුවේ  නව විනිසුරු මඩුල්ල ඉදිරියේය.

අද නඩුව කැඳවූ  අවස්ථාවේ දී   විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතු මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඉන් අනතුරුව තුන්වන වරටත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යලි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් ඉදිරියේ යළි කැඳවනු ලැබුවේ ඒ අනුවය.

අතුරු තහනම් නියොගය දීර්ඝ නොකෙරේ.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මෙම නඩුකරයට අදාළව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය.

ෙඑම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විසින් ඊට දැඩි විරෝධය පළ කරනු ලැබීය.

“ස්වාමිනි… මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නෑ. දැන් මේ පෙත්සම් කැදවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නෑ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත් හැක්කේ” යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බැවින් මෙම අවස්ථාවේදී මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය යන කරුණ පමණක් සැලකිල්ලට ගෙන පෙත්සම සලකා බැලීමට නියමිත ලබන සදුදා (20) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබා දෙන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කියා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සදහන් කර සිටියේ නව විනිසුරු මඩුල්ලට දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැදවීමට නියම කෙරුණි.  බීබීසී –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීතා ඇතින්නගේ ක්‍රියාශීලිත්වය පිරිහිලා… සිරුර තුළ ඇති යකඩ බෝල සහ කුඩු ඉවත් කිරීමට සැත්කමකට උසාවියෙන් අවසර ඉල්ලන්න යයි!

Next Post

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය හොරට ගෙන්වූ සමාගම කෝටි 10ක් වටිනා පිළිකා ඖෂධයකුත්  හොරට ගෙන්වලා…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.