සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරු කමිටුව පැලැස්තරයක්… පූර්ණ නීති වෙනසක් සිදුකළ යුතුයි… ජනපති කියයි!

අධිකරණය පිළිබඳ ඊයේ සිදුකළ ප්‍රකාශ මා අනුමත කරන්නේ නෑ... ජනපති අවධාරණය කරයි...

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් කිසිදු පාර්ශවයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා අවධාරණය කළේ අතුරු කමිටුවක් යනු පැලැස්තර විසඳුමක් බවත් ක්‍රිකට් නීතිය පූර්ණ ලෙස වෙනස් විය යුතු බවත්ය. 

පැලැස්තර විසඳුම් නොමැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු අතර ක්‍රිකට් අර්බුදය විසඳීමට නම් චිත්‍රසිරි වාර්තාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග අද (09) හමුවෙමිනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක් නොවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කාලෝචිත බව පෙන්වා දුන් ජනාධිතිවරයා පෙර දිනයේදී පාර්ලිමේන්තුව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සිදු කරන ලද සමහර ප්‍රකාශ ජනතාව අනුමත නොකර බවද කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.

මම ඇමතිතුමාට නම් යෝජනා කළේ ‍මේ පිළිබඳ අධිකරණයට ගෙන ගියහොත් එය නවත්වන්න පුළුවන්වන නිසයි. ඒ වගේම අප මෙය කබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කළා. කොහොම වුවත් මේ සම්බන්ධයෙන් දැන් අධිකරණයට ගිහින් තිබෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් සඳහා වඩාත්ම සුදුසු වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කළයුතුයි. මේ සඳහා අතුරු කමිටු පත් කිරීම ප්‍රමාණවත් නොවන බව මට පේනවා. මේවා සියල්ල තාවකාලික විසඳුම්. සම්පූර්ණ නීති වෙනස් කිරීම ඊට වඩා සුදසු වෙනවා.

ක්‍රිකට් ආරම්භ කළේ ජේ. ආර් ජයවර්ධන සහ ගාමිණි දිසානායක යන මහත්වරුන්. පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමේ වගකීම ඒ කාලයේ මට භාර දුන්නා. එමගින් තමයි අපේ පළමු කණ්ඩායම ඉදිරියට ආවේ.

ඉන් අනතුරුවයි 1996 කණ්ඩායම බිහිවෙලා ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. ඒ නිසා අප නැවත ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. මම කිසිදු පාර්ශවයක් නියෝජනය කරන්නේ නැහැ. මට තියෙන්නේ එක පාර්ශවයයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශවය පමණයි. එය දියුණු කරන්න බලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මගේ එකම බය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ ගැන ඊයේ කතා කර තිබුණා. එයින් බලපෑමක් නොවන්න අපි කටයුතු කරමු. අද ඉදිරිපත් කර ඇති මේ යෝජනාව සම්මත කර ගනිමු

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ගොඩ ගන්න පාර්ලිමේන්තුව වාද කරද්දී අදත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171කට නවසීලන්තට දැවෙයි….

Next Post

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂකයන් පළවා හරින්න… ඡන්දයක් නොවිමසා යෝජනාව ඒකමතිකව සම්මත කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.