බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතිකාල නොලද බලපිටිය රෝහලේ සෞඛ්‍යය සහායකයෝ උද්ඝෝෂණයේ

දිමනා කප්පාදු කරලා... දෙනවා කීව දවසත් දීමනා ගෙවීම පැහැර හැරලා...

by editor
ජූනි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  – බළපිටිය-   

බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ අතිකාල දීමනා කප්පාදු කළේ යැයි ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමය සහ බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් හා පිංකටි ව්‍යාපාරයක් අද (11) දවස පුරා බළපිටිය මූලික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තුන්සියයකට (300) ආසන්න පිරිසක් සිය රාජකාරි වලින් බැහැරව අද (11) පෙ.ව 8.00 සිට සවස 6.30 දක්වා රෝහල් පරිශ්‍රයේ රැඳී සිටි අතර දවස පුරාම වරින් වර විරෝධතාවයේද නිරත විය. ඇතැම් සේවකයින් රෝහල් භූමියේ පැදුරු එලාගෙන ඒ මත වැතිරෙමින් විරෝධතාවයේ නිරත විය.

අද (11) දිනයේ මේ සඳහා විසදුමක් නොලැබුණ බවත් ඒ නිසා හෙට (12) දිනයේදී නැවත රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත බවත්  බළපිටිය මූලික රෝහල සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

‘’මැතිවරණය ලඟ එනවා – අපේ මුදල් හංගනවා’’, ‘’කබලෙන් ලිපට වැටුන සුව විරුවෝ – හඬට කාගේ පිහිටද’’, ‘’අවසානයට අපි ගන්නේ කොරෝනාව’’, ‘’අවදානම අපි ගන්නේ – හිමි මුදලට ඇයි විද්දේ’’, ‘’දුකක් නැද්ද අපි ගානේ – කාටද ඉතින් වැරදුනේ’’, ‘’දුක් විදලා උපයා ගත් අතිකාලට මොකද කළේ’’ ආදී වශයෙන් සටන් පාඨ ලියන ලද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුගිය 2020 අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ මෙසේ විරෝධතාවයේ නිරත වූ බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි  ප්‍රකාශ කළාය.

පසුගිය මැයි 22 දින ද බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය අප්‍රේල් මාසයට අදාල අතිකාල ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත විය. එහිදී සෞඛ්‍යය බලධාරීන් ජුනි 01 දිනට පෙර අතිකාල ලබාදෙන බවට පොරොන්දු වූ බවත් නමුත් මේ දක්වා එම පොරොන්දු ඉටු නොකළ බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි  වැඩි දුරටත් ප්‍රකාශ කළාය. එක් අයෙකුට රුපියල් 5000/- පමණ සිට 50,000/- දක්වා පමණ වනතෙක් මෙසේ අතිකාල මුදල් හිර වී තිබෙන බවත් මේ වන විට මැයි මාසයේ අතිකාල ද ගෙවිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

අද (11) සවස මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කන්චික  පැමිණ රාජකාරි වලින් බැහැරව විරෝධතාවයේ නිරත රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ. ඔහු සේවකයින් සමග සුහදව සාකච්ඡා කළ බවත් අතිකාල ගෙවා නැත්තේ මුදල් නොමැති නිසා බවත් ප්‍රකාශ කර තිබේ. ඉතාම ඉක්මනින් මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ යැයි රෝහල් සේවකයෝ කියති.

මේ සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂණී වර්ණකුලසූරියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. පසුගිය මැයි 22 දිනත් මෙවැනිම විරෝධතාවයක බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලය නිරත වුණා. මේ විරෝධතාවය වැරදි හෝ අසාධාරණ යැයි අප කියන්නේ නැහැ. දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාත් ඒ මතයේ ඉන්නවා. අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් අතිකාල ඉදිරියේ දී ගෙවනවා. ප්‍රමාදයක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අදාල නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කරනවා. පසුගිය කාලයේ රජයේ වියදම් අධික වුණා. අදායම් අහිමි වුණා. ඒක නොසිතූ හදිසි තත්ත්වයක් බව අපි දන්නවා නේ.“

“බළපිටිය රෝහලේ සඳුදාත් සිකුරාදාත් විශේෂඥ වෛද්‍ය සායන කිහිපයත් තිබෙනවා. ඒ දිනවලට රෝගීන් 800 ක් විතර එනවා. අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කරන්නේ නැතුව විරෝධතාවය දියත් කරන ලෙස මම, ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබා දියයුතු බව අපි දෙපාර්ශවයම තේරුම් ගැනීම වැදගත්.  

 

 

 

 

Tags: නවතම
Share75Tweet43
Previous Post

මින් පසු උද්ඝෝෂණ කළොත් අත්අඩංගුවට ගෙන දවස් 21 නිරෝධායනයට

Next Post

ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන්ට අනතුරු හඟවයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.