අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හා රථ වාහන සඳහා ඉන්ධන සපයන දිස්ත්‍රික් 22ක පිරවුම්හල් 66කට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් ලද ඉල්ලීමකට අනුවය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාල ඉන්ධන පිරවුම්හල්වල නාමලේඛනයක්ද පොලිස්පතිවරයාට ඉදිරිපත්කර තිබේ.
Discussion about this post