ඉඳුනිල් කහටපිටිය –
අත්තනෝමතක පරිසර හානියක් කරන සංවර්ධනයේ ප්‍රතිවිපාක මේ වනවිට ලැබෙමින් තිබෙන බව මිනිසා දැන්වත් තේරුම් ගත යුතුව ඇතැයි ආදි වාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.
ඊයෙ (26) මහනුවරට පැමිණි වන්නිලැත්තෝ මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දක්වමින් වන්නිලා ඇත්තන් කීවේ වගා හානි සිදුවන අවස්ථාවලදී ජනතාවට වන්දි ලබා දීම මත පමණක් ගැටලු නිරාකරණය කළ නොහැකි බවය.
අතිතතේ සිට මේ වන තෙක් වසරින් වසර කාලගුණය දේශගුණය දරුණු ලෙස වෙනස් වීමකට බඳුන් වන්නේ ඇයි ද යන්න සොයා බැලීමත් මිනිසා සංවර්ධනය කරා ගමන් ගනිද්දී පරිසරයට සිදුවන බරපතලම හානිය පිළිබඳ සොයාබලමින් හානි අවම කිරීමට කටයුතු කළ යුතු වන්නිලා ඇත්තෝ පෙන්වා දුන්හ.
මිනිසාගේ ක්‍රියාකාරකම් මත දේශගුණික කාලගුණික බලපෑම ඇති වන බව තරයේ සිතට ගත යුතු බවත් මේවාට නිසි පිළියම් නො යොදා වන්දි මුදල් ලබා දීම හෝ ආහාර පාන ගෙන්වීම ගැටලු නිරාකරණය නොවන බව තේරුම් ගත යුතු යැයි ත් හෙතෙම කීය.