අද (10) සවස මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත හැරියේය.
අද පැවති ප්‍රාදේශීය සභාවේ අය-වැය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාව තුළ රැඳී සිටිය දී සභාපතිවරයා අත්අඩංගුවට පත් වන්නේ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පසුගිය 27 වනදා ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර සභාපතිවරයා තමන්ට බෝතලයකින් පහර දුන් බව වටරැක විජිත හිමියන් පොලසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව අත්අඩංගුවට ගත් මහියංගනය ප්‍රාදේශීය සභා සභාපති කේ.පී ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් වූයේය.







