පොලිස් අත්අඩංගුවට ගත් ‘මන්නා රමේෂ්’ නැමැත්තා සතුව තිබී සොයාගත් ටී56 පතොරම් දැමිය හැකි දේශීයව නිෂ්පාදනය කරගත් ගිනි අවියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.
ඊට හේතු වී ඇත්තේ එය මීට කලින් හඳුනා නොගත් විශේෂයෙන් ප්රභූ ආරක්ෂකයින් භාවිත කරන ආකාරයේ මිනිඋෂි ගිනිඅවි ආකාරයේ ගිනිඅවියක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
එවැනි ගිනි අවියක් දේශීයව නිෂ්පාදනය කළේ කෙසේද කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.
ඊයේ අත්අඩංගුවට ගත් මන්නා රමේෂ් නමැත්තා අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව පැවසෙන අතර අංගොඩ පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ සෝල්ටා නැමැත්තාගේ ද සමීප සගයකු බව සඳහන් වේ.