අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ රාත්‍රි (19) අපවත් වූහ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අපවත් වූ උන්වහන්සේ 69 හැවිරිදි වියේ පසුවූහ. අද සවස දේහය අනුරාධපුර බලා වැඩම කරවීමට නියමිත අතර ආදාහන පූජෝත්සවය පිළිබඳව අද දිනය තුළ තීරණය කිරීමට නියමිත බව රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ පවසති







