බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඟහරු අත්දැකීම ලබන්න තෝරාගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නාසා විද්‍යාඥවරිය – ආචාර්ය පියුමි විජේසේකර…

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නාසා ආයතනය විසින් හූස්නටන් හි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ නිරමාණයවන අනුකරණිත අඟහරු මෙහෙයුමක් සඳහා නාසා ආයතනය විසින් තෝරා ගන්නා ලද සිව් දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා කාර්ය මණ්ලයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියකවන ආචාර්ය පියුමි විජේසේකර තෝරාගෙන තිබේ.

මෙම මෙහෙයුම සඳහා ආචාර්ය විජේසේකර ඇතුලු කණ්ඩායම මැයි මස 10 වැනිදා Human Exploration Research Analog නෙහොත් HERA වෙත මෙම අනුකරණිත අඟහරු මෙහෙයුම වෙනුවෙන් පිවිසෙනු ඇත.

එහි ඇතුළුවීමත් සමග මෙම කණ්ඩායම අඟහරු තරණ අභ්‍යාවකාශ ගමනක පරිසරය තුළ රැඳෙමින් දින 45ක පමණ කාලයක් ගත කිරීමට නියමිතය. කාර්ය මණ්ඩලය යළි පෘථිවියට පැමිණීමේ අත්දැකීම ලබන්නේ ජූනි මස 24 වැනිදා ය.

නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයින් හුදකලාවීම්,  සිරගතවීම් සහ දුරස්ථ තත්වයන්ට අනුගතවීම් සිදුවන ආකාරය ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙවැනි පර්යේෂණ මෙහෙයුම් දියත් කරනු ලබයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින්  අතථ්‍යය යථාර්ථය භාවිතා කරමින් අඟහරු මතුපිට ඇවිදීමේ සිට රතු ග්‍රහලෝකය මත දී ලබන අත්දැකීම් සහිත ඔවුන්ගේ සමාකරණ මෙහෙයුම පුරාවට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සිදු කරනු ඇත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම අත්දැකීම ලබන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත ආචාර්ය පියුමි විජේසේකර NASA විද්‍යාඥවරියකි. ඇය කැලිෆෝනියාවේ Silicon Valley  හි NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරන්නීය.

මිනිස් ශ්වසන පද්ධතියට අයනීකරණ විකිරණ සහ චන්ද්‍ර දූවිලි ඇතුළු අභ්‍යවකාශ පියාසර ආතතීන්ගේ බලපෑම් විමර්ශනය කිරීම සඳහා පටක ආකෘති සංවර්ධනය කිරීම   ඇගේ පර්යේෂණ ක්ෂේත්‍රය වේ.

ෙවිජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය හදාරා තිබේ.  පෙන් හි පිට්ස්බර්ග්හි පිහිටි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ඇය විසින් ලබාගෙන ඇත.   ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය, ශ්වසන රෝග අධ්‍යයනය කිරීම සඳහා මානව පෙනහළුවල කායික විද්‍යාව අනුකරණය කරන ඉංජිනේරු පෙනහළු ආකෘති බිහි කිරීම කෙරෙහි අවධාරණය කෙරෙන ප්‍රාථමික සෛල සහ ඉන්ද්‍රිය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයනයකි.

විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ස්විස් කාන්තාවකගේ ලක්ෂ හැටකට සහ රන් භාණ්ඩවලට විද්ද යාපනයේ පොලිස් පෙම්වතා අතුරුදහන්… යාපනය පොලිසියම විමර්ශනයක් අරඹයි!

Next Post

සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ නරක් වූ මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.